රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඇතැම් වෘත්තීය සමිති නායකයින් ණය පොළී වැඩි කරීම සම්බන්ධයෙන් උද්ඝෝෂණ කරන බවත් ඒ සම්බන්ධයෙන් රජය කණගාටු වෙන බවද හෙතෙම සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,
බැංකු පොළී අනුපාතය රජයට අඩු කරන්න බැහැ. රටක බැංකු පොළී අනුපාතය තීරණය කිරීම සඳහා කිසිදු දේශපාලන පක්ෂයකට මැදිහත් වෙන්න බැහැ. මෙම සමස්ථ ණය ක්‍රමය පාලනය කිරීම සඳහා බලය ලබා දී තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවටයි. මම මේ සම්බන්ධයෙන් උද්ඝෝෂණය දැක්කා. මුදල් නිකුත් කිරීම, මූල්‍ය පද්ධති අධීක්ෂණය කිරීම, නියාමනය, අධීක්ෂණය , කිරීම මහ බැංකුවේ කාර්යයක්. මේ සම්බන්ධයෙන් කිව යුත්තේ මහ බැංකුවටයි.
පොළිය වැඩි වන විට අපි හැමෝටම අමාරුයි, සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට මෙය ඔරුත්තු දෙන්නේ නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුව තමයි ප්‍රධාන බැංකුව, මේ සම්බන්ධයෙන් රජයට බල කිරීම තේරුමක් නැහැ.