රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේය.
රාජ්‍ය ආයතන සතු අරමුදල් විධිමත් ලෙස කළමනාරකරණය කිරීම සඳහා එම අරමුදල් අධීක්ෂණය කිරීම සහ ඒ සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවද හෙතෙම සඳහන් කළේය.
රජය මෙම බදු බර අඩු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් සිටින බවද හෙතෙම පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මුදල් අමාත්‍යංශය , මේ වන විට රාජ්‍ය සේවකයින්ගේ වැටුපට අමාතරව, මූල්‍ය නොවන ප්රතිලාභ සඳහා අයකරන ගෙවීම් සහණදායී ලෙස සකස් කර ගැනීම සම්බන්ධයෙන් නැවතත් මූල්‍ය අරමුද සමග සාකච්ඡා කරමින් සිටිනවා. ඒ සඳහා අලුත් උත්සාහයක් දරනවා.
මේවා තාවකාලික තත්වයන්, මේ වන විට රජය වියදම් සීමා කරමින් අනවශ්‍ය වියදම් කපා හරමින් සිටිනවා. අනවශ්‍ය ආයතන වසා දමමින් අවශ්‍ය කටයුතු සිදු කරමින් සිදු කරනවා. මේ විදියට ඉදිරියට ගියොත් ඕනෑම රජයකට ආණ්ඩු කළ හැකියි.
දීර්ග කාළීනව සිදු කළ වැරදි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති නිසා අපි ණය වෙලා තමයි ජනතාවට කන්න දීලා තිබෙන්නේ.තව දුරටත් ණය ගන්න බැහැ, ඒ නිසා කෙටි කාලයකට හෝ මේ බදු බර දරා ගැනීමට ජනතාවට සිදු වෙනවා.
රටේ එදිනෙදා දරණ වියදම පියවා ගැනීම සඳහා හෝ ආදායමක් රජයට දීර්ග කාලයක සිට ලැබී නැහැ. ආදායම් ලබා ගැනීමේ මාර්ග රජය ක්‍රමානුකූලව වැඩි කරගෙන නැහැ. ඒ වෙනුවට ලැබුණු වැරදි උපදේශයක් මත හිටපු ජනාධිපතිවරයා සියලුම බදු අඩු කිරීමට කටයුතු කළා. මේ හේතුවෙන් විශාල විරෝධයක් රට තුළ ඇති වුණා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකගතා ඇති කර නොගත්තොත් ඉදිරියේදී ජාත්‍යන්තරය සමග කටයුතු කිරීමට නොහැකි තත්වයක් ඇති වෙනවා.අද වන විට අනෙකුත් රටවලින් ලැබෙන ආධාර සහ ව්‍යාපෘතිත් නැවතිලා තිබෙනවා. අපිට ඉන්ධන, ගෑස්, හාල්, පිටි, සීනි වගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන ඒමට නම් ජාත්‍යන්තරය සමග කටයුතු කිරීමට සිදු වෙනවා. අකමැත්තෙන් වුවද ජනතාවට මෙම බදු බර දරා ගැනීමට සිදුවෙනවා.
මූල්‍ය කළමනාකරණය පිළිබඳ වගකීමේ පනතක් මීට පෙරත් පාර්ලිමේන්තුවේ සම්මත කලා.ඒ පනතට පයින් ගැහුව නිසා තමයි අද මේ අර්බුදය ඇති වී තිබෙන්නේ'' යැයි පැවසීය.