අද (7) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
රාජ්‍ය ආයතන සතු අරමුදල් විධිමත් ලෙස කළමනාරකරණය කිරීම සඳහා එම අරමුදල් අධීක්ෂණය කිරීම සහ ඒ සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.
රජයේ දෙපාරත්තමේන්තු ඇතුළේ විවිධ අරමුදල් තිබෙනවා. එම අරමුදල් මෙමගින් නිසි ලෙස කලමනාකරණය
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3%ක් තරම් පහත අගයකට පැමිණ ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට වාර්තා කර තිබේ.
සාමාන්‍ය යෙන් රටක් පවත්වාගෙන යාමට නම් රාජ්‍ය ආදායම ලෙස දළ දේශීය නිෂ්පාදිතයෙන් අවම වශයෙන් 20%ක් වත් ලැබිය යුතුයි.
එම තත්වය යහපත් වන තෙක් මහජන සේවාවන් පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය යෙන්ම දැරිය යුතු පුනරාවර්තන වියදම් සඳහා පමණක් අක්මුදල් නිදහස් කිරීම පිණිස අවශ්‍ය පියවර ගන්නා ලෙස භාණ්ඩාගාර ලේකම් වෙත උපදෙස් දීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිිපත් කළ කැබිනට් යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීම්, සමෘද්ධි ඇතුළු සහණාධාර වැනි අත්‍යාවශ්‍ය පුනරාවර්තන වියදම් තිබෙනවා. ඒවා පමණක් මෙම අක්මුදල් වලින් දැරීමට උපදෙස් දී තිබෙනවා''යැයි පැවසීය