ජනවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    ස්වභාවික ව්‍යසනයට මුහුණ දුන් තුර්කියට සහ සිරියාවට ලංකා ආණ්ඩුවේ කණගාටුව

    පෙබරවාරි 07, 2023

     ස්වභාවික ව්‍යසනයක් හේතුවෙන් විශාල ඛේදවාචකයකට මුහුණ දී සිටින තුර්කියට සහ සිරියාවට ලංකා ආණ්ඩුවේත් සියලුම ශ්‍රී ලාංකික ජනතාවගේත්  කණගාටුව ප්‍රකාශ කරන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි .

    ඔහු මේ බව කියා සිටියේ අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    මෙම ඛේදවාචකයෙන් පුද්ගලයන් 2200ක් පමණ මියගොස් ඇති බවට වාර්තා වී ඇතැයිද අමාත්‍යවරයා  පැවසීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකුට පමණක් යම්කිසි අදාලත්වයක් පවතින බවද එයින් 13 දෙනෙකු නිරුපද්‍රිතව සිටින බවටත් එක් අයෙකු පිළිබඳ පමණක් තවමත් තොරතුරු සොයාගෙන නැතැයිද ශ්‍රී ලාංකීය තානාපතිතුමිය දැනුම්දුන් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    2021 වසරේ පැවති ශ්‍රී ලංකා තුර්කි ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ඒකාබද්ධ කමිටුවේ දෙවන සැසි වාරයේදී දෙපාර්ශවය අතර වෙළඳ, ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ තුර්කි ගුවන්විදුලි සහ රූපවාහිනී සංස්ථාව අතර සහයෝගීතා ගිවිසුමක් ඇතිකිරීමට යෝජනා වුණු බවද , එම යෝජනා ගිවිසුම අත්සන් කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් තමා ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කළ යෝජනාවට අනුමැතිය හිමිවූ බවද ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya