තුර්කියේ සිදු වූ හදිසි තත්ත්වය පිළිබඳව සහ එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිළිබඳව සඳහන් කරමින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.
තවමත් තොරතුරක් නොලද එකී කාන්තාව පිලිබඳ තොරතුරු අදාළ තුර්කි ආයතන සමඟ එක්ව සිදු කරන බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළාය.
මේ වන විට සිරියානු දේශසීමාව ආසන්නයේ ගිනිකොණ දිග තුර්කියේ හටගත් භූ කම්පන වලින් මිය ගිය පුද්ගලයින් ගණන 4,300 ඉක්මවා ඇති බවත් තුවාල ලැබූ සංඛ්‍යාව 15,000 කටඅධික බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ උදැසන 6.47 ට පමණ පළමු භූ කම්පනය වාර්තා වී තිබිණි.මෙම භූමිකම්පාවේ විශාලත්වය රිච්ටර් මාපක 7.8ක් පමණ වේ. මේ වන විට තුර්කියේ හදිසි තත්ත්වයක් සඳහන් කළ තුර්කි ජනාධිපතිවරයා ජනතාව මුදාගැනීමේ කටයුතු සඳහා ජාත්‍යන්තර සහාය ද ඉල්ලා තිබේ.
ඒ අනුව, සෙවීම් සහ මුදවාගැනීමේ පිරිස්, විශේෂයෙන් පුහුණු කරන ලද සුනඛ කණ්ඩායම්, විදුම් යන්ත්‍ර, සහන ද්‍රව්‍ය, ඖෂධ සහ අනෙකුත් අවශ්‍ය උපයෝගිතා සහ උපකරණ සහිතව 50 දෙනකුගෙන් සමන්විත මුදාගැනීමේ පළමු කණ්ඩායම තුර්කිය වෙත ළඟා වීමට නියමිත බවට ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයෂන්කර් මහතා ද සිය නිල ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබා තිබේ.