ජනවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    කර්මාන්ත අමාත්‍යංශ 2023 වර්ෂයට කාර්ය සාධන ගිවිසුම් අත්සන් කරයි  

    පෙබරවාරි 09, 2023

    කර්මාන්ත අමාත්‍යංශ කාර්ය භාරය වඩාත් පුළුල් හා කාර්යක්ෂම කරමින් 2023 වර්ෂයට අදාළ කාර්ය සාධන ගිවිසුම් අත්සන් කෙරේ.

    කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේශ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් 2023 වර්ෂයට අදාළව කර්මාන්ත අමාත්‍යංශයේ කාර්ය සාධන ගිවිසුම අත්සන් කිරීම පසුගියදා කර්මාන්ත අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදුකෙරිණි. එම අවස්ථාව සදහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්නරණවීර , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර ඇතුළු අමාත්‍යංශයට අයත් ව්‍යවස්ථාපිත ආයතන, රාජ්‍ය සංස්ථා සහ දෙපාර්තමේන්තු ප්‍රදානීන් සියලු දෙනා සහභාගී වූහ.

    එහිදී නිල වශයෙන් පරන්තන් කෙමිකල් ආයතනය පළමුව ගිවිසුම අත්සන් කල අතර ඉන් අනතුරුව පොදුවේ අනෙකුත් ආයතන ප්‍රදානීන්ද තම නිළ ගිවිසුම් අත්සන් කරන ලදි.
    ලංකාවේ පළමුවරට මෙම කාර්ය සාධන ගිවිසුම් අත්සන් කිරීම සිදුවන අතර මෙහි අධීක්ෂණ කටයුතු ජනාධිපති ලේකමවරයාගේ මැදිහත්වීමෙන් සිදුවෙයි. මාසිකව කාර්ය සාධන ගිවිසුම් අමාත්‍යාංශය මගින් අධීක්ෂණය කරන අතර සෑම මාස තුනකට වරක් අමත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් , රාජ්‍ය අමාත්‍යවරුන් සහ අමාත්‍යංශ ලේකම්වරයාගේ සහභාගීත්වයෙන් සිදුකෙරෙන අතර මාස 6කට වරක් ඒ සදහා ජනාධිපති ලේකම්වරයාගේ සහභාගීත්වයද සිදුකරගනු ලබයි.

    මෙහිදි අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍යවරයා සදහන් කළේ , 2023 වසර ආර්ථික වශයෙන් වඩාත් අභියෝගාත්මක වසරක් බවත්, හැකි පමනින් පවතින මූල්‍ය තත්වය කළමනාකරණය කරමින් රාජකාරි කටයුතු කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ නිලධාරීන්ව තමන් අගය කරන බවයි.
    එමෙන්ම මෙම කාර්ය සාධන ගිවිසුම් වලට අනුකූලව පවතින තත්වයට අනුගතව කාර්ය සධන කටයුතු වඩාත් හොදින් පවත්වගෙන යෑම නිළධාරින්ගෙන් තමන් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.
    එමෙන්ම ඉදිරී මාස 3 තුලදී ආයතනවල කාර්යක්ෂමතාව වැඩි කිරීමත් , මූල්‍ය තත්වය යහපත්ව පවත්වාගෙන යාමටත් එහි ප්‍රතිලාභ රටේ ආර්ථිකයට අත්කර දීමටත් සියළු දෙනාගේ සහය අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා අවසන් වශයෙන් සදහන් කළේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya