සිවිල් යුද සමයේ ආරක්ෂක අංශ භාවිතයේ පැවති උතුරේ ඉඩම් නැවත මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාවට නංවා ඇති වැඩසටහන යටතේ මෙම ඉඩම් නිදහස් කිරිම සිදු කර තිබේ.
සංකේතාත්මකව කිහිප දෙනෙකු වෙත ඉඩම් ඔප්පු සහ චෙක් පත් ප්‍රදානය ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
වසර 33ක කාලයක් අවතැන්ව සිටි මෙම පිරිස තම ඉඩම් නිදහස් කර දීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය ස්තුතිය පුද කළහ.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සගල රත්නායක ,ජනාධිපති ලේකම් සමන් ඒකනායක, උතුරු පළාත් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් එම් ඉලංගෝවන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේශ්වරන් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ