ජනවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    රජයේ සේවයේ නියුතු උපාධිධාරීන්ට ගුරු තනතුරු සදහා අයදුම් කිරීමට ලබා දුන් කාලය තවත් සතියකින් දීර්ඝ කෙරේ

    පෙබරවාරි 13, 2023

     රජයේ සේවයේ නියුතු උපාධිධාරීන්ට ගුරු තනතුරු සදහා අයදුම් කිරීමේ කාලය සතියකින් දීර්ඝ කෙරේ

    ගුරු තනතුරු සඳහා අයදුම් කිරමට රජයේ සේවයේ නිරත උපාදිධාරින් දී ඇති කාලය තවත් සතියකින් දීර්ග කර තිබේ. ඒ් අනුව ලබන සිකුරාදා දක්වා ඒ් සඳහා අවසථාව ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

    මාර්තු මාසයේ නව පාසල් වාරය ආරම්භ කිරීමට පෙර නව උපාධිධාරින් ගුරුවරුන් විසි හයදහසක් සහ විද්‍යා පීඨ ගුරුවරුන් අට දහසක් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
    ගුරුවරුන් දොලොස් දහසක් පසුගියදා විශ්‍රාම යාමෙන් පසු පාසල්වල ගුරු පුරප්පාඩු රැසක් පවතී. ජාතික පාසල් සඳහා උපාධිධාරී ගුරුවරුන් හාරදහසක් බඳවා ගැනීමට නියමිතය. ඉතිර විසි දෙදහස පළාත් පාසල්වලට අනුයුක්ත කෙරෙනු ඇත.
    උතුරු හා නැගෙහිර පළාත්වල දෙමළ ගුරුවරුනගේ් අතිරකික්තයක් පවතී..එහෙත් බස්නාහිර ඇතුඑ සෙසු පළාත් පාසල් දෙමළ ගුරු හිගයකට මුහුණ දී සිඳෑ. එබැවින් එම ගුරුවරුන් දෙමළ ගුරු පුරප්පාඩු පවතින ප්‍රදේශවලට යැවීමට අමාත්‍යාංශය අපේක්ෂා කරන බව ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya