ණය ගැනීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇතැයි ප්‍රකාශ කර තිබියදී රජය පසුගිය මාස එකහමාරක කාලයක් තුළ රුපියල් බිලියන දහසක් ඉක්මවා ණය ලබාගෙන ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අද (පෙබරවාරි 20) අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
අමාත්‍යවරයා පැවසුවේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම පිළිබඳ තර්කයක් නැතත්, සිදු වූයේ තිබූ භාණ්ඩාගාර බිල්පත් කල් පිරෙන අවස්ථාවේ ඒ වෙනුවට නව භාණ්ඩාගර බිල්පත් නිකුත් කොට පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීම පමණක් බවයි.
එසේම අලුතින් හඳුන්වා දුන් බදු මෙම මාසයේ සිට රාජ්‍ය ආදායමට එකතු වුවද, ආදායම සහ වියදම අතර තවමත් පරතරයක් ඇති බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.