ජනවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    නිර්මාණාත්මක කලාවන් සඳහා “e commerce” වෙබ් අඩවිය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන්

    පෙබරවාරි 20, 2023

    සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, නිර්මාණාත්මක කලාවන් (creative arts) සඳහා වන ලොව ප්‍රථම e commerce වෙබ් අඩවිය www.esca.lk අන්තර්ජාලයට මුදාහැරීම අද (20) එම විශ්විවද්‍යාල පරිශ්‍රයේ දී උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය (ආචාර්ය) රෝහණ .පී.මහලියනආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මෙය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය මගින් ක්‍රියාත්මක කෙරෙන නවතම කලා ව්‍යවසාය ව්‍යාපෘතිය වේ.

    ශ්‍රී ලංකාවේ කලානිර්මාණකරුවෙකුට සිය නිර්මාණ ජාත්‍යන්තරය වෙත අලෙවි කර ගැනීමට මෙමගින් අවස්ථාව සැළසෙන බවත් මෙම වෙබ් අඩවියේ නොමිලයේ ලියාපදිංචි වී තමා වෙනුවෙන් අන්තර්ජාල අලෙවිහලක් ( e shop ) වෙන් කර ගත හැකි බවත් වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම වෙනුවෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් උපකුලපත්වරයා පැවසීය.


    එසේම කලාකෘතියේ විකිණුම් මිලෙන් සියයට විස්සක මුදලක් විශ්වවිද්‍යාලයට හිමිවන බවත් ඉතිරි සියයට අසූව කලානිර්මාණකරුවාට හිමිවන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.


    සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පාලක සභාව යටතේ විශ්වවිද්‍යාල සම්බන්ධීකරණ ඒකකය මෙම වෙබ් අඩවිය පාලනය කරයි.


    මෙම වෙබ්අඩවිය මගින් ඕනෑම ස්පර්ශ සහ අස්පෘෂ්‍ය කලාවක් අන්තර්ජාලය ඔස්සේ විකිණීමට අවස්ථාව සැළසේ.නෛතික ක්‍රියාදාමයට යටත්ව කලානිර්මාණකරුවාට අවශ්‍ය පිරිදි ඒවායේ මිල තීරණය කිරීමට හැකියාව පවතී.


    ඩී.එච්.එල් ආයතනය හරහා අන්තර්ජාතිකව සහ ප්‍රොන්ටෝ ආයතනය හරහා දේශීයව මෙම භාණ්ඩ බෙදා හැරීමට විශ්වවිද්‍යාලය ගිවිසුම්ගතව ඇත.ගැණුම්කරුවන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සියලු ගනුදෙනු සිදු කළ යුතු අතර හරපත් සහ බැරපත් ( master cards/ visa cards) ඒ සඳහා භාවිත කළ හැකි වේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya