දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කර ඇති මෙම ප්‍රදර්ශනය වෙත පැමිණෙන ජනතාව වෙත ළමා හා කාන්තා රෝග සම්බන්ධ විශ්ව විද්‍යාල ආචාර්ය ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සර්වාංග රෝග සදහා පාරම්පරික, ආයුර්වේද, හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර සේවාවන් නොමිලේ ලබා ගත හැක.
මෙම ප්‍රදර්ශනය දේශීය හා ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මක දේශීය ඖෂධ නිෂ්පාදකයින්ගේ අලෙවි කුටි / ආයුර්වේද රූපලාවන්‍ය සේවාවන් / පංචකර්ම චිකිත්සක සේවාවන් සහ වස විසෙන් තොර දේශීය ආහාර අලෙවි කුටි මෙන්ම සාම්ප්‍රදායික සංස්කෘතිකාංග රැසකින් සමන්විත වනු ලබයි.
නිරෝගීමත් ජනතාවගෙන් සපිරි දේශයක් ගොඩනැගීම උදෙසා මෙම වැඩපිළිවෙල දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය සංවිධානය කර ඇත.