ජනවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    නාරංගල අභය භූමියක් ලෙස ප්‍රකාශයට - අමාත්‍ය මණ්ඩල අනුමැතිය

    පෙබරවාරි 21, 2023

    බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය ප්‍රදේශයට මායිම් වී ඇති නාරංගල කඳු පන්තිය ආශ්‍රිත ප්‍රදේශය නාරංගල අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් වනජීවී වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවී ඇති බව ප්‍රවාහන හා ජනදාධ්‍ය අමාත්‍ය , කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සතියේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි.

    ඒ අනුව හෙක්ටයාර 239,276ක භූමි ප්‍රමාණයක් මෙලෙස අභය භූමිය ලෙස යොදා ගැනීමට තීරණය කර තිබේ. පුද්ගල සහ වතු සංවර්ධනය අධිකාරියට අයත් ඉඩම් රජයට පවරා වනජීවි ජාතික සංරක්ෂීතයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත වේ.

    මෙම ප්‍රදේශය මුහුදු මට්ටමෙන් කිලෝමීටර 1450ක උසින් පිහිටි උල්පත් සියයකට අධික ප්‍රමාණයකින් යුතු ජලපෝෂී ප්‍රදේශයක් වන අතර ජෛව විවිධත්වයෙන් ඉහළ ප්‍රදේශයක් බැවින් මෙලෙස අභයභූමියක් ලෙස තෝරා ගැනීමට හේතු වී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya