ඔහු මේ බව කියා සිටියේ, අද (21) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
අන්තර්ජාතික වශයෙන් පිළිගත හැකි දර්ශකවලට අනුකූලව රටෙහි ආණ්ඩුකරණය සිදුවන බවද එම දර්ශක වලට පරිබාහිරව හිතුවක්කාර ලෙස කටයුතු කිරීමක් ආණ්ඩුව විසින් සිදුනොකරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙවැනි ඉතාම අවධානම් තත්ත්වයක රටක් පවතින අවස්ථාවකදී ජාත්‍යන්තර සම්මුතීන්ට හා ගිවිසුම් වලට ගරු කරමින් ප්‍රවේසමෙන් සහ වගකීමෙන් ආණ්ඩුව කටයුතු කරන බවද පැවසුවේය.