ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු විසින් කිඹුලා ඇල ප්‍රදේශයේ වීදි ආහාර විකුණන street foods
අවන්හල් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් කරන ලද පැනයකට පිළිතුරු වශයෙනි.
එමෙන්ම, තමා පුද්ගලික අංශයේ ව්‍යාපාර වලට කිසිදිනෙක බලපෑම් එල්ල නොකරන බවත්, නව අවස්ථා නිර්මාණය කර දෙමින් නිරන්තරයෙන් ඊට අතහිත දෙන අමාත්‍යවරයෙකු බවත්, ඊට උදාහරණ වශයෙන් මීගොඩ, අංගොඩ, වැලිසර, නාරාහේන්පිට, නුවරඑළිය, තබුත්තේගම, ඇඹිලිපිටිය යනාදී ප්‍රදේශ වල සියලුම ආර්ථික මධ්‍යස්ථාන 13 ක් තමා මැදිහත්ව ක්‍රියාත්මක කර පුද්ගලික අංශයට ලබා දී නිෂ්පාදන බෙදාහැරීම වෙනස් කිරීමට අසාමාන්‍ය ලෙස කැප වූ බවත්, මාර්ගය දෙපස ඉඩකඩ තිබෙන ස්ථාන වල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට වෙළඳසැල් සැදීමට තුරුසෙවන ව්‍යාපෘතිය මඟින් කටයුතු කළ බවත් හෙතෙම පැවසීය.
මඟින් මාර්ගය පිලිබඳ අදාළ නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳව වන අංක 40 දරණ ජාතික මංමාවත් පනත පනත මඟින්; “එහි යම් මාර්ගයක් හෝ මංමාවතක් අවහිර කර ඇති හෝ බලෙන් අල්ලාගෙන ඇති බවට හෝ (ආ) යම් මාර්ගයක, මහා මාර්ගයක හෝ ජාතික මාර්ගයක මායිම් රේඛාව නිසි බලයකින් තොරව වෙනස් කර ඇති බවට හෝ යම් මාර්ගයක, මහා මාර්ගයක හෝ ජාතික මාර්ගයක නිසි බලයකින් තොරව මාර්ග බාධක පනවා ඇති බවට විධායක ඉංජිනේරුවරයාට පෙනී යන්නේ නම් තමා විසින් නිශ්චිතව දක්වා ඇති කාලයක් ඇතුළත වහාම එකී අවහිරය බලයෙන් ඇල්ලීම වෙනස් කිරීම හෝ බාධා කිරීම ඉවත් කරන ලෙස එකී තැනැත්තා වෙත ලිඛිත ව නිවේදනයක් මඟින් විධානය කරනු ලැබිය හැකි ය” යනුවෙන් සඳහන් වනබවත් හෙතෙම මෙහිදී අවධාරණය කළේය.
ඒ අනුව මාර්ග භාර ඉංජිනේරුවරුන් විසින් ඔවුන්ට නීතියෙන් පැවරෙන බලය අනුව ඔවුන් ක්‍රියාත්මක වන බවත්, එහෙත්, ඒ සඳහා දේශපාලනමය මැදිහත්වීම් සිදු කරමින් එවැනි වෙළඳසැල් ඉවත් කිරීමට හෝ, කිසිවකුගේ ව්‍යාපාර විනාශ කිරීම මෙන්ම පුද්ගලික පළිගැනීමකට තමා ක්‍රියා නොකරන බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.