ඉන්දීය අධාර යටතේ ගෙන්වනලද ඖෂධ තොගයක් වරායේ රඳවාගනු ලැබ ඇතැයි මාධ්‍ය වාර්තා කිරීම සම්බන්ධයෙන් අද (පෙබරවාරි 21) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව මගින් හෝ රේගුව මගින් එවැනි රඳවා ගැනීමක් සිදු කර නොමැති බවත්, ඖෂධ සඳහා රජය බදු අය නොකරන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.
ඖෂධ ආනයනයේ දී ඒවා හැකි ඉක්මණින් නිදහස් කිරීමට සැම විටම බලධාරීන් කටයුතු කරන බවත්, ලියකියවිලිවල යම් අඩුවක් තිබුනහොත් පසුව සම්පූර්ණ කිරීමේ පදනම මත ඖෂධ තොගය නිදහස් කිරීමට ක්‍රියාකරන බවත් අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දෙයි.