ජනවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් නම් කෙරේ

    පෙබරවාරි 21, 2023

    පාර්ලිමේන්තුවේ අභිනවයෙන් ස්ථාපිත කළ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද මන්ත්‍රීවරයන්ගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124 හි විධිවිධාන සහ 2023 පෙබරවාරි 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව මෙසේ මන්ත්‍රීවරයන් නම්කර තිබේ.

    මේ අනුව  නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා,  රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න,  සිසිර ජයකොඩි,  ශෂීන්ද්‍ර රාජපක්ෂ,  ජොන්ස්ටන් ප්‍රනාන්දු,  ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න,  පාඨලී චම්පික රණවක,  වාසුදේව නානායක්කාර, අශෝක් අබේසිංහ,  එස්. එම්. එම්. මුෂාරෆ්,  ධර්මලිංගම් සිද්ධාර්ථන්,ඉෂාක් රහුමාන් මහතා,  හේෂා විතානගේ මහතා, සංජීව එදිරිමාන්න, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා සහ  නීතිඥ වසන්ත යාපාබණ්ඩාර යන මහත්වරු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පත් කර තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya