ජනවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව සදහා සාමාජික මන්ත්‍රීවරුන් නම් කෙරේ

    පෙබරවාරි 21, 2023

    පාර්ලිමේන්තුවේ අලුතින් ස්ථාපිත කළ ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද මන්ත්‍රීවරයන්ගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 123 හි විධිවිධාන සහ 2023 පෙබරවාරි 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව මෙසේ මන්ත්‍රීවරයන් නම්කර තිබේ.

    මේ අනුව නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, හරීන් ප්‍රනාන්දු මහතා, ජීවන් තොන්ඩමන් මහතා, ශෙහාන් සේමසිංහ මහතා, තාරක බාලසූරිය මහතා, සී. බී. රත්නායක මහතා, විමල් වීරවංශ මහතා, නාමල් රාජපක්ෂ මහතා, (ආචාර්ය) නාලක ගොඩහේවා මහතා, (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, ජේ. සී. අලවතුවල මහතා, සිවඥානම් ශ්‍රීතරන් මහතා , හෙක්ටර් අප්පුහාමි මහතා, අකිල එල්ලාවල මහතා සහ වරුණ ලියනගේ මහතා ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මෙසේ නම් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya