ජනවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    ලෝක තිරසාර සංවර්ධන සමුළුවට පරිසර ඇමති සහභාගි වෙයි

    පෙබරවාරි 22, 2023

    පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා ඉන්දියාවේ නව දිල්ලි නුවරදී පැවැත්වෙන ලෝක තිරසාර සංවර්ධන සමුළුව -2023 සඳහා සහභාගි වීමට (21) දින දිවයිනෙන් පිටත් විය.

    මෙම සමුළුව පෙබරවාරි මස 22 සිට 24 දක්වා ඉන්දියාවේ නව දිල්ලි නුවරදී පැවැත්වේ.

     

    2001 වසරේ දී දිල්ලි නුවර පැවැති තිරසාර සංවර්ධනයේ පිලිබඳ ප්‍රඥප්තිය අනුව මෙම සමුළුව පැවැත්වේ. දකුණු ආසියාතික මෙන්ම ලෝක පරිසරය පිළිබඳ තිරසාර සංවර්ධන මෙහි අරමුණයි.මෙම සමුළුව එක්සත් ජාතීන්ගේ පරිසරය සහ සංවර්ධන පිළිබඳ සමුළුව තිරසාර සංවර්ධනය පිළිබඳ සංකල්පය මත ආරම්භ කරන ලදී.

     

    වසරකට වරක් පැවැත්වෛන මෙම සමුළුවට ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපතිගේ විශේෂ නියෝජිත ජෝන් කෙරී මහතා ඇතුළු ලෝක නායකයන් සහභාගි වීමට නියමිතය. මෙහි දී මුඛ්‍ය දේශන දෙකක් පැවැත්වීමට පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාට විශේෂ ආරාධනාවක් ලැබී ඇත.මෙහි දී ශ්‍රි ලංකාවේ තිරසාර සංවර්ධනය, ජෛව විවිධත්ව සහ දේශගුණික විපර්යාසයන් පිළිබඳ විශේෂයෙන් සදහන් කිරිමට නියමිතය.මෙම සමුළුවේ ඇති වැදගත් කම දකුණු ආසියාතික මෙන්ම ලෝක පරිසරය පිළිබඳ තිරසාර සංවර්ධන යට ශ්‍රි ලංකාවේ දායකත්ව පිළිබඳ සාකච්චිඡා කිරිම ය.

     

    ලෝකයේ විවිධ රටවල් වල නායකයන් ,විද්වතුන් පරිසර විෂය සහ ජෛව විවිධත්වය පිළිබඳ ව විද්වතුන් මෙම තෙදින සමුළුව ඇමතීමට නියමිතය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya