තමා දිවුරුම් දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කර ගැනීමට බවත් ඒ නියමිත වේලාවට ඡන්ද සියල්ලම පවත්වන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසිය.
අයවැයෙන් මැතිවරණය සඳහා මුදල් වෙන් කර තිබුණද, අපේක්ෂා කරන ලෙස ආදායම් ලැබී නොමැති බවද හෙතෙම පෙන්වා දුන්නේය. වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, මහ බැංකුවෙන් අවසර දෙනවා නම් අපට මුදල් මුද්‍රණය කළ හැකිය. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව මුදල් මුද්‍රණය කළ නොහැකියි.
අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20ක් සඳහා හාල් ලබා දීමට රුපියල් බිලියන 20ක් වෙන් කළද මේ වන විට පවුල් ලක්ෂ 28ක් වී ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.තවද විශ්‍රාම ගිය අයට පාරිතෝෂිත දීමනා සඳහා සහ කුඩා ව්‍යාපාරිකයින් සඳහාද මුදල් වෙන් කර ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ,
''දැනට මුදල් නැහැ. මුදල් තිබුණත් ඡන්දෙකුත් නැහැ. මෙම කොමිසම වගකියන්නේ පාර්ලිමේන්තුවට.පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත් කර වාර්තාවක් සකස් කර ශ්‍රේෂ්ඨාධිකරණයට යැවිය යුතුයි. අපි තීරණයක් අරගත්තා විශේෂයෙන්ම මේ ණය පිළිබඳ පැරිස් සමුළුවයි ඉන්දියාවයි චීනෙයි එක්ක එකඟත්වයක් ඇතිකරලා IMF එකෙන් විශේෂයෙන්ම මේ යෝජනා ගැන අපිට තීරණයක් දෙනකල් මේ මුදල් අල්ලන්නේ නෑ. හදිසියේ අපිට මාසයක් හරි දික්කරන වුණොත් මේ ප්‍රශ්නේ ගැන අපිට මුදල් නැතිවෙනවා, අන්න ඒකයි. මම මූලිකත්වය දෙන්නේ ආර්ථිකයට.''යැයි කීය