ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය,අධ්‍යාපනය වැනි අත්‍යාවශ්‍ය සේවා අඩාල නොවී පවත්වාගෙන යාමට රජය කටයුතු කරනවා- සභානායක

    පෙබරවාරි 23, 2023

    සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි අත්‍යාවශ්‍ය සේවා අඩාල නොවී පවත්වාගෙන යාමට රජය කටයුතු කරන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී අද (23) ප්‍රකාශ කළේය.

    පසුගියදා අවසන් වූ උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීමද හැකි ඉක්මනින් ආරම්භ කරන බවත් ගුරුවරුන්ට අවශ්‍ය දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,

    මේ වන විට උසස් පෙළ විභාගය සාර්ථකව අවසන් කර තිබෙනවා. නමුත් ප්‍රශ්න පත්‍ර බැලීමට ගුරුවරු ප්‍රමාණවත් නැහැ. ගුරුවරු 19,000ක් අවශ්‍ය වුණත් ඒ සඳහා ඉදිරිපත් වී තිබෙන්නේ ගුරුවරු 15000ක් පමණයි. අපහසුතා මධ්‍ය යේ වුවද ගුරුවරුන්ගේ දීමනා වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය එකග වී තිබෙනවා. පිළිතුරු පත් ඇගයීම සඳහා ආචාර්ය මහාචාර්ය වරු 1300ක් අවශ්‍යයි. පිළිතුරු ඇගයීම අවසන් කිරීමට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකුගෙන් යුතු කමිටුවක් තිබෙනවා. නමුත් වෘත්තීය ගැටලුවක් තිබෙන නිසා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේද හිගයක් තිබෙනවා.එම දීමනා වැඩි කිරීමට ඉදිරියේදී කටයුතු කරනවා.
    දරුවන් සඳහා අවශ්‍ය පෙළ පොත් බෙදා දීමද පසුගිය සතියේ ආරම්භ කළ බව සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය. මෙම වසරේ පෙළපොත් මුද්‍රණය සඳහා රුපියල් බිලියන 16කට අධික මුදලක් වැය වූ බවත් එය පසුගිය වසරේ මෙන් සිව් ගුණයකින් වැඩි වී ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 2023 පාසල් අධ්‍යයන වර්ෂය ආරම්භ වන මාර්තු 27ට පෙර අත්‍යවශ්‍ය සියලු පෙළපොත් බෙදා හැර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යවරය පැවසීය.


    මෙම වසරේ පාසල් දරුවන්ට අවශ්‍ය නිල ඇඳුම් බෙදා හැරීම අද සිට ආරම්භ කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය. චීන රජයෙන් මේ සඳහා ආධාර ලබා දී තිබේ.අද වන විට ලෝකයේ බොහෝ රටවල් සහනාධාර ලබා දීම සඳහා ඉදිරිපත් වී තිබෙන බව සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

    2022 වර්ෂයේ අප්‍රේල් මාසයේ සිට අත්‍යාවශ්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් විශාල ගැටලුවක් මතු වුණා. විදුලි කප්පාදු ව පැය 8-13 දක්වා පැවතුණා. අත්‍යාවශ්‍ය සේවා කඩා වැටෙමින් ජන ජීවිතය කඩා වැටුණා. ඉන්ධන මිලදී ගැනීමට දින ගණන් ගත වුණා. විදේශ විනිමය හිග කම නිසා යම් යම් ඖෂධ වල හිගයක් තිබෙන බව අපි දන්නවා. මෙම තත්වය ක්‍රමානුකූලව සමනය කර ගැනීමට රජය උත්සාහ කරනවා.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ලබා ගැනීමේ ආසන්නයට ඇවිත් තිබෙනවා. යැයිද හෙතමෙ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya