අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය පිළිබඳ අද (23) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් බලශක්ති අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් බලශකත් අමාත්‍යවරයා පැවසුවේ, මැතිවරණ කොමිෂන් සභාව හදිසියේ ඉන්ධන කෝටාව වැඩි කරන ලෙස ඉල්ලීම් කළත් ඒ සඳහා පහසුකම් සැපයිය නොහැකි බවයි. ඉන්ධන ඇණවුම් කිරීම සඳහා යම් කිසි කාලයක් ගත වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා , සංචිත ගොඩ නගා ඩොලර් මුදල් සොයා ගත් පසු ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයිය හැකි බව සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයෝ 80,000ක් සිටටින බවත්, ඒ සෑම අපේක්ෂකයෙක්ම තමාගේ ඉන්ධන කෝටාව වැඩි කරන ලෙස ඉල්ලුවත් එය ඉටු කළ නොහැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,
මේ රටේ අඛණ්ඩව විදුලිය දෙන්න බැරිනම් සමහරු කැමතියි. ඉංජිනේරු සංගමය බෝනස් ඉල්ලනවා. අතිකාල දීමනා ඉල්ලනවා.එහෙම දුන්නෙ නැති වුණාම පාරට බහිනවා කියනවා. විදුලි බිල වැඩි කළේ ඉංජිනේරුවන්ට ප්‍රසාද දීමනා, වරප්‍රසාද දෙන්න නොවෙයි. අපේ වියදම පියවා ගන්න. මණ්ඩලයේ පාඩුව ජනතාව මත පටවන්න බැහැ.