එය පට්ටපල් බොරුවක් බව හෙතෙම අවධාරණය කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වරාය අධිකාරියට අනුබද්ධිත ආයතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර ඇති බවත් මෙම අසත්‍ය ප්‍රකාශය සිදුකළ සියලු පුද්ගලයින් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන ලෙස ඉල්ලීමක් සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක් වූ නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයා පැවසුවේ,
මේක සම්පූර්ණයෙන්ම ව්‍යාජ සහ මවනලද පුවතක්. ඒ පිළබඳව අපි සී අයි ඩි එකටත් පැමිණිලි කරලා තිබෙනවා. ඒ වගේම අපි පුවත්පත්වලටත් ලිපි යවලා තිබෙනවා මේක නිවැරදි කරන්න කියලා. මෙය සම්පූර්ණයෙන්ම ව්‍යාජ පුවතක් .ඒ නිසා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට මේ ගැන කියපු අයත් මේ ප්රවෘත්ති පළ කල අයත් ගෙන්වලා මේ පිළිබඳ පරීක්ෂනයක් කිරීම ඉතාම සුදුසුයි කියලා. ඒ වගේම වරාය අධිකාරියට අනුබද්ධිත ආයතනයේ සාමාන්‍යාධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරලා තියනවා