මෙවැනි ආර්ථික පීඩනයක් පැමිණි අවස්ථාවක ජනතාවගේ පීඩනය නැති කිරිමට, පක්ෂ භේදයකින් තොරව කටයුතු කිරිහ සෑම මහජන නියෝජිතයෙකුගේම වගකීම බවද හෙතෙම පැවසීය. අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය පිළිබඳ අද(23) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ජනමාධය රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
ආර්ථිකය ප්‍රකෘත්තිමත් වූ පසු මැතිවරණයකට යා හැකි බවත් රටේ ආර්ථිකය ශක්තිමත් වී තිබුණොත් ඔිනෑම කෙනෙකුට දේශපාලනය කර ගත හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පළාත් පාලන ඡන්දයක් පැවැත් වීමෙන් මේ රටේ ආර්ථිකයට කිසිදු දායකත්වය ලැබෙන්නේ නොලැබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
වැඩිදුරටත් අදහස් දැක් වූ ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේ,
මම උදෙත් කිව්වා, ජනතා විමුක්ති පෙරමුණ පට්ට පල් බොරු කියනවා. මෙවැනි ආර්ථික පීඩනයක් තිබෙන අවස්ථාවක රාජ්‍ය අමාත්‍යවරුන්ට සැප වාහන 239ක් ගෙනත් කියනවා. මේව දැක්කම අපට හෙන ගහපන් කියලා මිනිස්සු බනිනවා. ඒ වගේ බොරු කියන්නේ ඇයි. එයාලට රට හදන හැටි කියන්න ප්‍රතිපත්තියක් නැහැ. බොරු කියලා සමාජ මාධ්‍ය වල සහ පත්තර වල දානවා. අද රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ඉන්ධන දීමනා, කාර්ය මණ්ඩල දීමනා වැනි දීමනා කපා හැර තිබෙනවා. අපි කැමතියි ඒකට. ඇත්ත යථාර්ථයට මුහුණ දෙන්න ඔින,
මුද්‍රණාලය ඔීනෑම අවස්ථාවක රහස්‍ය භාවය ආරක්ෂා කරමින් එම කටයුතු කරන්න සූදානමින් ඉන්නවා. එහෙත් ඒ සඳහාඅවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දෙන්න භාන්ඩාගාරයේ මුදල් නැහැ කියලා කියනවා නම් කොහොමද එය කරන්නේ.අවුරුදු 03ක් හිරේ දානවා කියනවා. එහෙම කරන්න බැහැ. මුද්‍රණාලාධිපතිණිය චක්‍රලේඛ අනුව කටයුතු කරමින් රාජකාරිය ඉටු කර තිබෙනවා. ඉස්සර තමයි තුන්ඩුව දීල කැලෑ නීතියට අනුව කටයුතු කළේ. දැන් ප්‍රජාත්‍රන්තවාදය තිබෙනවා.
මේ වෙලාවේ විශේෂ තත්වයක් . ආණ්ඩුව පැහැදිළිවකියනවා රාජ්‍ය ආයතන වලට ණයට වැඩ කරන්න එපා කියලා. එවිට එම ආයතන වලට පඩි ගෙවන් න බැහැ. දෙසැම්බර් මාසයේ හරිම ආමාරුවෙන් තමයි මුද්‍රණාලයෛ් වැටුප් සහ දීමනා ගෙව්වේ.
වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නිසි වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට යනවා. ලබන වසරේ වන විට මේ සඳහා විසඳුම ලබා දෙන්නේ වර්තමාන ආණ්ඩුව කියලා අපි කියනවා