ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    මේ රට විකුණා හෝ බදු දී රට දියුණු කිරීමේ බලාපොරාත්තුවක් නෑ - විදෙස් කටයුතු රාජ්‍ය අමාත්‍ය

    පෙබරවාරි 23, 2023

    මේ රට විකුණා හෝ බදු දී රට දියුණු කිරීමේ බලාපොරාත්තුවක් නොමැති බවත්, නමුත් විදෙස් ආයෝජකයන් මේ රටට ගෙන්වා ගනිමින් රට දියුණු කිරීමට බලාපොරොත්තු වන බව විදෙස් කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද(23) පැවසීය.

    අනෙක් රවටලද කුමන්ත්‍රණ ඇති බවත් නමුත් එම කුමන්ත්‍රණ වලට අසුනොවී රට ඉදිරියට ගෙන යාමට අප වගබලා ගතයුතු බවද හෙතෙම පැවසීය.

    විදෙස් රටවල දූත පිරිස් හදිසියේ මෙරටට පැමිණීම සහ පිටවීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් ගෙනනෙන බවත් , ඒ පිළිබඳ රජයේ ස්ථාවරය කුමක්දැයි පැහැදිළි කළ යුතු බව කියමින් , පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ගෙනා සභාව කල් තබන අවස්ථාවේ විවාදයට එක්වෙමින් තාරක බාලසූරිය මහතා මේ බව පැවසිය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව අතීතයේ සිට නොබෙඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමන කරන බවයි. , ඉදිරියේදී එම විදෙස් ප්‍රතිපත්තිය අනුගමනය කළත්, අනෙක් රටවල් සමග පවත්නා සබඳතා නැවැත් වීමේ අවශ්‍යතාවක් නැතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

    ඇමරිකාව විතරක් නොවේ ඉන්දියාවත් එක්කත් අපට ඉතා කිට්ටුවෙන් කටයුුතු කිරීමට සිදු වෙනවා. ආරක්ෂාව සඳහා පමණක් නෙමේ. ආර්ථික කටයුතු වලදීත් උදාහණයක් ලෙස අද තමිල්නාඩුවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 50,000ට වැඩියි. මේ රටවල් සමග අපට ඉතා කිට්ටුවෙන් කටයුතු කිරීමට සිදු වෙනවා.

    අද වන විට ලියෝ ලිබරල්වාදයක් නැහැ. දැන් තිබෙන්නේ කෝපරේට් නැෂනලිසම්, ඇමරිකාව වගේ රටවල් ඒ අයගේ ව්‍යාපාර දියුණු කර ගැනීම ගැනයි කල්පනා කරන්නේ. අපිත් සූක්ෂමව කල්පනා කළයුත්තේ ඒ රටවල් සමග සම්බන්ධ වෙමින් අපේ ව්‍යාපාර දියුණු කර ගැනීම ගැනයි.ඇමරිකාව පමණක් නොවෙයි. චීනය, ඉන්දුනිසායාව,නෛජීරියාව වැනි රටවල් සමගද එක්වීමේ වුවමනාවක් තිබෙනවා. කුමන්ත්‍රණ වලට අහුවන්නේ නැතිව රට ඉදිරියට ගෙන යාම ගැන වග කිව යුත්තේ අපයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya