අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ගැසට් නිවේදනය පිළිබඳ විවාදයේදී අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
සභා ගැබට පැමිණ උත්තර දිය නොහැකි නිලධාරීන්ගේ නම් ප්‍රකාශ කරමින් පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි හෙතෙම විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.
ජනතාවගේ දුක මැද පහත් ලෙස පාර්ලිමේන්තුව යොදා නොගන්නැයි විපක්ෂයෙන් ආයාචනා කරන බවද සේමසිංහ මහතා කීවේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුද සමඟ සාකච්ඡා සිදු කරගෙන යන විට, විපක්ෂයේ අය විවිධ වැරැදි මත ඇති කිරිමට උත්සහ දරන බවද හෙතෙම කීය.
අපිට කඩිනමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමේ අවශ්‍යතාවය තිබෙනවා. එහෙම වුණොත් පමණයි අපිට අනෙක් රටවල් සමඟ සාකච්ඡා කරන්න හැකියාව ලැබෙන්නේ.
විපක්ෂය දේශපාලනය කිරීමේ වුවමනාවෙන් පාර්ලිමේන්තුවේ බහුතරයක් අනුමත කල කාරණා යට ගහන්න හදනව නම් එය අපේ රටේ ආර්ථිකය විනාශ කිරීමක් ලෙසයි මම දකින්නේ. මේ ප්‍රතිසංස්කරණ සියල්ලම හර්ෂද සිල්වා මහතා සභාපතිත්වය දරන ගිණුම් කාරක සභාව අනුමත කරාට පස්සෙයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
''මේ ප්‍රතිසංස්කරණ ජනතාවට දරා ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. එහෙත් අපි අනාගතය වෙනුවෙන් තමයි මේ ප්‍රතිසංස්කරණ ගෙනත් තිබෙන්නේ. විරුද්ධ පක්ෂය මේ පාර්ලිමේන්තුව ඇතුළේ ජෝගි නැටුවට මේ ආර්ථිකය කළමනාකරණය කරගත හැකි පහසු තැනක නෙවෙයි අපි ඉන්නේ. ඒ නිසයි අපි විදදරා ගැනීම් කරමින් ඇතැම් තීන්දු තීරණ අරගෙන කටයුතු කරන්නේ.''