ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    සුළු පරිමාණ රබර් වැවිලිකරුවන් 6,000කගේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් River ව්‍යාපෘතිය ඇරඹේ

    පෙබරවාරි 24, 2023

    ශ්‍රී ලංකාවේ මොණරාගල සහ අම්පාර දිස්ත්‍රික්ක මුල්කොට ගෙන සුළු පරිමාණ රබර් වැවිලිකරුවන් 6,000කගේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් නිර්මාණය කළ River ව්‍යාපෘතිය ( පෙබරවාරි 22 ) වඅවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විණි

    වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ප්‍රංශ රජයේ, මිචෙලින් ව්‍යාපාර සමුහයේ සහ මිචෙලින් ලංකා සමාගමේ සහයෝගීතාවයෙන් යුතුව මෙම River (The Rubber Improvement of Value Chain & Embedded Small holders Resilience ) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

    අවුරුදු 3 ක් පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත වන මෙම ව්‍යාපෘතිය තුළ හරිත නවෝත්පාදනයන් දියුණු කිරීම වෙනුවෙන් යුරෝ 565,000ක මූල්‍ය ප්‍රතිපාදනක් වෙන් කෙරෙන අතර සම්පූර්ණ ආයෝජනය යුරෝ මිලියනයක් පමණ වෙයි. එම මූල්‍ය ප්‍රදානයන් ප්‍රංශයේ ආර්ථික සහ මුල්‍ය අමාත්‍යාංශය මූලිකත්වයෙන් රාජ්‍ය පෞද්ලික හවුල්කාරිත්වයක් ලෙසින් ආයෝජනය කිරීම සිදුකරයි.

    රබර් හා අනෙකුත් විවිධාංගීකරණය කරන ලද භෝග වගා කිරීම, ක්ලෝන තෝරා ගැනීම, රබර් කිරි එකතු කිරීම, පොහොර යෙදීම, රසායනික භාවිතය සම්බන්ධයෙන් පුහුණුව ලබාදීම සහ ව්‍යවසායකත්වය , මානව සම්පත් කළමනාකරණය, නායකත්වය වැනි කුසලතා ගොඩනැංවීම සහ වගකීම් සහගත කම්කරු කළමනාකරණ පිළිවෙත් ආදිය ප්‍රවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතිය ඔස්සේ සිදුවේ.

    එමෙන්ම මෙම ව්‍යාපෘතියේ අවශ්‍යතාවලට අනුකූල වන පරිදි ස්වභාවික සුළු පරිමාණ රබර් වගාකරුවන් 6000කගේ සමාජ වගකීම් මෙන්ම පාරිසරික වශයෙන් හිතකර භාවිතයන් අනුගමනය කිරීම කෙරෙහිද අවධානය යොමු කෙරෙන අතර ව්‍යාපෘතිය මගින් ආසන්න වශයෙන් ශ්‍රී ලාංකිකයන් 30,000 කට පමණ ප්‍රතිලාභ උදා කරදීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම එම රබර් වගාකරුවන් 6,000ගේ පවුල් ආශ්‍රිත ආදායම් මාර්ග හා නිපුණතා වැඩි දියුණු කරමින් ඔවුන් වෙත අමතර ආර්ථික ප්‍රතිලාභ උදා කිරීමද මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂා කෙරේ.

    එමෙන්ම මෙහිදී Ksapa සමාගම විසින් SUTTI නමැති ජංගම දුරකතන යෙදවුමක්ද ව්‍යාපෘතියට සමගාමීව හදුන්වා දීම සිදු කෙරෙයි. කෘෂිකාර්මික දැනුම බෙදාහදා ගැනීම, නිෂ්පාදනය නිසි පරිදි මිනුම්ගත කිරීමට උපකාර ලබා දීම, ආදායම් කාර්ය සාධනය විශ්ලේෂණය කිරීම මෙන්ම ව්‍යාපෘතියේ බලපෑම ඇගයීමට ලක් කිරීම ආදිය මානයන් එම යෙදවුම මගින් ඉටු කරගැනීමට අපේක්ෂා කෙරේ.

    මෙම අවස්ථාවට ප්‍රංශ තානාපති Jean - Francois Pactet , වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජානක ධර්මකීර්ති ඇතුළු අමාත්‍යංශ නිළධාරින් , රබර් පර්යේෂණා ආයතනය , රබර් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතනවල නිළධාරින් , KSAPA හි කළමනාකාර අධ්‍යක්ෂ Raphael HARA , මිචෙලින් ලංකාහි ප්‍රධාන විධායක නිළධාරි Koenrad Pringiers ඇතුළු සම්භාවනීයන් රැසක් එක්වූහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya