ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    2023 "සුව ධරණී-සුව දැක්ම" - දේශීය වෛද්‍ය ප්‍රදර්ශනය මැති ඇමතිවරු රැසකගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

    පෙබරවාරි 24, 2023

    දේශීය වෛද්‍ය හා ආයුර්වේද ක්ෂේත්‍රය ජනතාව අතර ප්‍රචලිත කිරීම හා එහි උන්නතිය වෙනුවෙන් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මගින් බත්තරමුල්ල, දියත උයන පරිශ්‍රයේදී සංවිධානය කරනු ලබූ "සුව ධරණී - සුව දැක්ම දේශීය වෛද්‍ය ප්‍රදර්ශනය විවෘත කිරීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි, හිටපු කථානායක චමල් රාජපක්ෂ, වාසුදේව නානයක්කාර, අනූප පැස්කුවල්, තාරක බාලසූරිය ඇතුළු මැති ඇමතිවරු රැසකගේ ප්‍රධානත්වයෙන් පසුගිය (22) දින සිදු කෙරුණි.

    2023 "සුව ධරණී-සුව දැක්ම" - දේශීය වෛද්‍ය ප්‍රදර්ශනයෙහි දෙවන දිනය වන (23) දින ප්‍රදර්ශනයේ සමාරම්භය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

    එම ප්‍රදර්ශනයේ දෙවන දිනය දෙවන දිනය වන (23) දින දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය හා සම්බන්ධ සියලු රාජ්‍ය ආයතන පුද්ගලික ඖෂධ නිෂ්පාදන සමාගම්, පාරම්පරික, ආයුර්වේද, සිද්ධ, යුනානි මෙන්ම හෝමියෝපති වෛද්‍ය ක්‍රමද ඒකරාශී කර ගනිමින් පවත්වන මෙම සුව ධරණී - සුව දැක්ම දේශීය වෛද්‍ය ප්‍රදර්ශනය පෙබරවාරි මස 22 සහ 23 දෙදින බත්තරමුල්ල, දියත උයන පරිශ්‍රයේදී උදෑසන 10.00 සිට රාත්‍රී 10.00 දක්වා පැවැත්විණ.

    දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කර ඇති මෙම ප්‍රදර්ශනය වෙත පැමිණෙන ජනතාව වෙත ළමා හා කාන්තා රෝග සම්බන්ධ විශ්ව විද්‍යාල ආචාර්ය ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සර්වාංග රෝග සදහා පාරම්පරික, ආයුර්වේද, හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර සේවාවන් නොමිලේ ලබා ගත හැකි අතර ප්‍රදර්ශනය දේශීය හා ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මක දේශීය ඖෂධ නිෂ්පාදකයින්ගේ අලෙවි කුටි / ආයුර්වේද රූපලාවන්‍ය සේවාවන් / පංචකර්ම චිකිත්සක සේවාවන් සහ වස විසෙන් තොර දේශීය ආහාර අලෙවි කුටි මෙන්ම සාම්ප්‍රදායික සංස්කෘතිකාංග රැසකින් සමන්විත වේ.

    මෙම සමාරම්භක වැඩසටහන මාලාව ආරාධිත දේශන මාලාවකින් සමන්විත වූ අතර ශ්‍රී ලංකවේ පාරම්පරික වෛද්‍ය ක්‍රම වල විශිෂ්ඨත්වය හා අනන්‍යතාවය පිළිබඳව දේශනය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය අනෝමා සමරවික්‍රම මහත්මිය විසින් පැවැත්වූ අතර ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය චිකිත්සාවේ ඉතිහාසයේ ප්‍රගමනය සහ වත්මන් ප්‍රවණතා පිළිබඳ දේශනය කොළඹ විශ්ව විද්‍යාලයේ ආයුර්වේද අංශ ප්‍රධානී මහාචාර්ය සුසන්තා මොල්ලිගොඩ මහත්මිය විසින්ද ලාංකීය පාරම්පරික වෛද්‍ය ක්‍රම වල චිකිත්සා සඵලතාවය පිළිබද දේශනය කැඩුම්, බිඳුම් පිළිබඳ පාරම්පරික විශේෂඥ වෛද්‍ය ඩී.ඇම්. හීන් නිලමේ මහතා විසින් සිදු කෙරිණ.

    මෙම සමාරම්භක උත්සවය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, දේශීය වෛද්‍ය අංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) චන්දන තිලකරන්න, දේශීය වෛද්‍ය අංශයේ අති‌රේක ලේකම් ගීතාමනී කරුණාරත්න, ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිනි සාගලා අබේවික්‍රම යන මහත්ම මහත්මීන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya