ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    කෝප් කමිටුවේ නව සභාපතිවරයා ලෙස (මහාචාර්ය) රන්ජිත් බණ්ඩාර වැඩි ඡන්දයෙන් තේරී පත්වෙයි

    පෙබරවාරි 24, 2023

    පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) රන්ජිත් බණ්ඩාර මහතා වැඩි ඡන්දයෙන් නැවත තේරි පත්විය.

    ඒ මහතා තේරී පත්වූයේ නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම (23) පැවති අවස්ථාවේදීය. එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතාගේ නම රාජ්‍ය අමාත්‍ය ජගත් ප්‍රෂ්පකුමාර මහතා විසින් යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ස්ථිර කරන ලදී.

    එසේම කෝප් කමිටුවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් යෝජනා කරන ලද අතර පාර්ලිමේන්තු රවුෆ් හකීම් මහතා විසින් ස්ථිර කරන ලදී. එහිදී පැවති ඡන්ද විමසීමේදී මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතාට පක්ෂව ඡන්ද 17 ක් ලැබුණු අතර එරාන් වික්‍රමරත්න මහතාට පක්ෂව ඡන්ද 06 ක් හිමිවිය.

    කමිටුව අමතමින් නව කෝප් සභාපතිවරයා කියා සිටියේ කමිටුවේ කටයුතු ඉදිරියට ගෙන යාම සදහා සියලූ සාමාජිකයින්ගේ සහයෝගය අපේක්ෂා කරන බවයි. පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමට පෙර කාරක සභාවේ පැවති කටයුතු අඛණ්ඩව සිදු විය යුතු බවට කාරක සභාවේ සාමාජිකයින්ගේ එකඟතාව පළවූ බවත් කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය. තවද, කෝප් නිර්දේශවලට නීත්‍යනුකූලබවක් ලබා දීම සම්බන්ධයෙන් කථානායකවරයා සහ නීතිපතිවරයා සමග සාකච්ඡාවක් සංවිධානය කරන ලෙසටද කාරක සභා සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

    මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර, ජානක වක්කුඹුර, ලොහාන් රත්වත්තේ, ඉන්දික අනුරුද්ධ හේරත්, ඩී.වී. චානක, ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, අනුර ප්‍රියදර්ශන යාපා, මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේකර, රෝහිත අබේගුණවර්ධන, එරාන් වික්‍රමරත්න, නිමල් ලාන්සා, එස්.එම්. එම්. මුෂාරෆ්, නලින් බණ්ඩාර ජයමහ. චමින්ද විජේසිරි, සංජීව එදිරිමාන්න. ජගත් කුමාර සුමිත්‍රආරච්චි, (මේජර්) සුදර්ශන දෙනිපිටිය, ප්‍රේම්නාත් සී. දොලවත්ත, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, එම්. රාමේෂ්වරන්, ශානක්කියන් රාසමානික්කම්, රාජිකා වික්‍රමසිංහ, මධුර විතානගේ සහ (මහාචාර්ය) චරිත හේරත් යන මහත්වරු මෙම රැස්වීමට සහභාගි වූහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya