මැතිවරණකොමිෂන් සභාව විසින් (පෙබරවාරි 24දා) එම සභාවේ සභාපතිවරයාගේ අත්සනින් යුක්තව මැතිවරණය කල්යාම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව දන්වා ඇත.
ඒ අනුව මැතිවරණය පැවැත්වෙන දිනය එළඹෙන මාර්තු 03වැනිදා ප්‍රකාශයට පත්කරන බවත්, පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලීමක් පාර්ලිමේන්තුවේ
කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට තීරණය කළ බවත් එම කොමිෂම වැඩිදුරටත් සඳහන් කර ඇත.