වත්මන් රජයේ ණය ගෙවීම් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා අද(පෙබරවාරි 24) මෙම අදහස් දැක්වීම සිදුකළේය.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ 8%ක ඍණ ආර්ථිකයක් පැවැති වටපිටාවක අත පැවැති බිලපත්වලින් අඩකටත් වැඩි ප්‍රමාණයක් ගෙවා දැමීමට හැකි වීම ධනාත්මක කරුණක් බවයි. 2022 අගෝස්තු මස 31 වැනි දා වන විට රජය විසින් ගෙවා දැමීමට පැවැති බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 360ක් බවත්, 2023 වසරේ ජනවාරි 31 වන විට ගෙවා දමා ඇති සමස්ත බිල්වල වටිනාක රුපියල් බිලියන 191ක් බවත් අමාත්‍යවරයා පැවසීය.
ගෙවා දැමීමට ඇති බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 169ක් බවත්, ඉන් බිලියන 100ක් පුනරාවර්තන වියදම් වන අතර 69ක් ප්‍රාග්ධන වියදම් වන බවත්, ඉන් බිලියන 53ක් ම ජනවාරි මාසය තුළ ලැබුණ ඒවා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ගෙවා දැමීමට ඇති පුනරාවර්තන වියදම්වලින් බිලියන 18.9ක් සෞඛ්‍ය සහ ඖෂධ සඳහා ද, විශ්‍රාම හා පාරිතෝශික සඳහා බිලියන 19.3%ක්, පොහොර සහ රසායනික සැපයුම් සඳහා බිලියන 12ක් වන අතර ඒවා ප්‍රමුඛතා අනුව ගෙවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.