ඒ E-7 වීසා කාණ්ඩය යටතේ කොරියානු රැකියා සඳහා වෑද්දුම් ශිල්පීන් කොරියාවේ රැකියා ගත කරවීම සම්බන්ධයෙන් අද පැවැති විශේෂ සාකච්ඡාවේ දී, E-7 වීසා කාණ්ඩය යටතේ පුහුණු වෑද්දුම් ශිල්පීන් සඳහා රැකියා අවස්ථා ඕනෑ තරම් ප්‍රමාණයක් තමන් සතු බවත්, එබැවින් සුදුසුකම් සහිත ව යොමු කෙරෙන වෑද්දුම් ශිල්පීන් ඕනෑ ම ප්‍රමාණයක් වෙත රැකියා ලබා දිය හැකි බවත්, කොරියාවේ බඳවා ගැනීමේ ආයතනයේ විශේෂ නියෝජිතයන් පිරිසක් පැමිණ අමාත්‍යවරයා හමුවී (24) ප්‍රකාශ කළ අවස්ථාවේ දී ය.
එහි දී E-7 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයන් වැඩි ප්‍රමාණයක් බඳවා ගැනීමටත්, ඒ සඳහා අවශ්‍ය පුහුණුව ලබා දෙන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙනුත් සාකච්ඡා කර තිබේ.
ඒ අනුව, කොරියානු නියෝජිත පිරිසේ විශේෂ ඉල්ලීම වූයේ ඔවුන්ට හැකි තරම් E-7 වීසා කාණ්ඩය යටතේ සුදුසුකම් සපුරා ඇති පුහුණු වෑද්දුම් ශිල්පීන් ලබා දෙන ලෙසයි. එමෙන්ම, එලෙස යොමු කරන ඕනෑ ම පුහුණු වෘත්තීය වෑද්දුම් ශිල්පීන් ප්‍රමාණයකට ලබා දීමට තරම් රැකියා තමන් සතු ව පවතින බවත් ඔවුන් විශේෂයෙන් ම සඳහන් කරන ලදී.
කෙසේවුවද, E-7 වීසා කාණ්ඩය සඳහා සුදුසුකම් සපුරන වෑද්දුම් ශිල්පීන් හැකි තරම් කොරියාවේ රැකියා ගත කිරීමට කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙහි දී අදාළ නිලධාරීන්ට උපදෙස් දීමට කටයුතු කෙරිණි.