අමාත්‍යවරයා මෙම අදහස් පැවසුවේ, උතුරු නැගෙනහිර පළාතේ උසස් අධ්‍යාපන ආයතන වලට සම්බන්ධ පිරිසක් ඊයේ ධීවර අමාත්‍යාංශයේදී ඔහු හසුවූ අවස්ථාවේදීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, වර්ථමානය වන විට බොහෝ රටවල් මත්ස්‍ය සම්පත් නෙලා ගැනීම සදහා මුහුදට යාමට අමතරව කරදිය හා මිරිදිය වශයෙන් පොකුණු තුළ මත්ස්‍ය කර්මාන්ත සිදු කිරීමට පෙළඹී ඇති බවත්, එමගින් අනවශ්‍ය ඉන්ධන වියදමද අවම කර ගත හැකියාවක් පවතින බවත්ය.
ඉදිරියේදී ලෝකය මුහුණ දෙන ඉන්ධන අර්බුදයෙන් මිදී ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්ත කර ගෙන යාමට අවශ්‍ය නවීන තාක්ෂණය හදුන්වාදීමට තම අපේක්ෂාව බවද අමාත්‍යවරයා සඳහන් කළේය.