බෝට්ටු නිෂ්පාදන ක්ෂේත්‍රෙය් විදේශ රැකියා අවස්ථා ඉලක්ක කරගෙන පුහුණු ශ්‍රමිකයින් බිහි කිරීම සදහා වන පුහුණු ආයතනයක් සහ, පුහුණු පාඨමාලා ආරම්භ කිරීම පිළිබඳව විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ අවධානය යොමුව තිබේ.
මේ සම්බන්ධයෙන් වන යෝජනාවලියක් සීමාසහිත සී නෝර් පදනමේ සභාපති දුලාන් හෙට්ටිආරච්චි මහතා විසින් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ.
රාජ්‍ය හා පුද්ගලික අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙම පුහුුණු ආයතනය ආරම්භ කිරීමට කටයුතු කිරීමට අපේක්ෂා කෙරෙන අතර එමගින් විදේශ රැකියා ඉලක්ක කරගත් පුහුණු ශ්‍රමිකයින් බිහි කිරීමේ අවස්ථාව වනු ඇත.