රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(පෙබරවාරි 28දා) පැවති කැබිනට් ප්‍රකාශ දැනුම්දීමේ මාධ්‍ය හමුව තුළදී මෙරටට ඇමරිකානු ඩොලර් 600ක මුදලක් ණය මුදල් ලෙස ලැබුනේ යැයි එක්තරා පුවත්පතක් පළකර තිබූ පුවතක් සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය.
විදේශ ණය මුදල් ගෙවීමට තමන්ට නොහැකි බව පැවසුවේ මෙරට වත්මන් ආණ්ඩුව බවත්, මෙම මුදල හිමිව ඇත්තේ පුද්ගලික අංශයේ වාණිජ බැංකු 03කට අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්වීම සඳහා වන ණයවර ලිපි විවෘතකිරීම යනාදියට බවත්, ණයවර ලිපි සඳහා අවශ්‍ය ද්‍රවශීලතාවය ඇතිකිරීම සඳහා එම වැණිජ බැංකු මෙම ණය ලබාගැනීම සිදුකර ඇති බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.