ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    තෙළිඟු ජනතාවට පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් - සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය

    මාර්තු 02, 2023

    තෙළිඟු ජනතාවට පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

    තෙළිඟු ජනතාව සමග (27) පැවති සාකච්ඡාවක දි අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

    ශ්‍රී ලංකාවේ දැනට තෙළිඟු ජනතාව ජීවත් වන ගම්මාන 07 ක් පිහිටා තිබෙන අතර පාරම්පරික සංස්කෘතික සම්ප්‍රදායික (නාගයින් භාවිතා කරමින් කෙරෙන රඟදැක්වීම් වැනි) හැකියාවන් දෙස් විදෙස් සංචාරකයන් වෙත ප්‍රදර්ශණය කරමින් ඉන් ලැබෙන මුදල් වලින් ඔවුන් තම ජීවනෝපාය සලසා ගනි.

    වැඩි වශයෙන් සංචාරකයින් පැමිණෙන සීගිරිය, ගාල්ල, ත්‍රීකුණාමලය උණුවතුර ලිං අසල වැනි ප්‍රදේශයන් හී මෙසේ එම ජනතාවගේ හැකියාවන් ප්‍රදර්ශනය කරමින් දැනට අවුරුදු 40ක පමණ කාලයක සිට මෙසේ ඔවුන් ජීවත් වු බවත්,මේ වන විට එය සිදු කර ගැනීමට නොහැකි බවත් තෙළිඟු ජනතාව අමාත්‍යවරයා සමග සදහන් කළේය.

    එසේම, තඹුත්තේගම තිබෙන සංස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර එය යළි පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සඳහාත් යෝජනා ඉදිරිපත් කෙරුණු අතර එයට අවශ්‍ය ක්‍රියාමාර්ග
    ගැනීමට කටයුතු සලසන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    කේ.ආර්.අනවත්තු තෙළිඟු ජනතා නායකතුමා, සමස්ත ලංකා තෙළිඟු ජන සංගමයේ ලේකම් ඩී නිමල් මහතා ඇතුළු නිලධාරීන් සහ සාමාජිකයන් මෙම අවස්ථාවව එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya