ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    චීන රජය පරිත්‍යාග කළ ඉන්ධන අද සිට ලබා දීමට හැකි වන පරිදි ගොවීන්ට ටෝකන් පත්

    මාර්තු 02, 2023

    ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව චීන රජය පරිත්‍යාග කළ ඉන්ධන අද සිට ම ලබා දීමට හැකි වන පරිදි ගොවීන්ට ටෝකන් පත් නිකුත් කර තිබේ.

    චීන රජය මෙරට වී වගා කරන ගොවි ජනතාවට වගා කටයුතු සදහා භාවිත කිරීමට නොමිලයේ ඩීසල් ලීටර් මිලියන 6.98ක් පරිත්‍යාග කර ඇත.

    ගැටලු කිහිපයක් හේතුවෙන් එම ඉන්ධන ගොවීන්ට බෙදාහැරීම ප්‍රමාද වූ අතර ඒවා වහාම ගොවීන් වෙත බෙදාහැරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින්ට හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.


    මෙම ඉන්ධන බෙදාහැරීම සම්බන්ධව ඊයේ (01) කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැති අතර ඊට ලංකා ඛනිජතෙල් සංස්ථාව මෙන්ම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින් ද සහභාගි විය.


    වහාම මෙම ඉන්ධන තොගය ගොවීන් වෙත නොමිලයේ බෙදා හැරීම සදහා කටයුතු කරන ලෙස අමාත්‍යවරයා අදාල නිලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.


    ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රිය තුළ දිවයිනේ දිස්ත්‍රික්ක 05ක් හැර අනෙකුත් සියලුම දිස්ත්‍රික්කවල ගොවීන්ට ඉන්ධන ලබා ගැනීම පහසු කරවීම සඳහා අදාල ටෝකන් පත් නිකුත් කර අවසන් කර තිබේ.


    රටේ සියලුම ගොවීන්ට අදාල ඉන්ධන නම් කරන ලද පිරවුම් හල්වලින් ලබා ගැනීමට හැකි බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.


    ටෝකන් පත් යැවීමට නොහැකි වු කොළඹ ඇතුලු දිස්ත්‍රික්ක පහට අද (02) දිනය තුළ ඉන්ධන ටෝකන් පත් යැවීමට පියවර ගන්නා බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්. එම්. ඒ. එල් . අබේරත්න මහතා පැවසීය.


    මේ අනුව අක්කර භාගයේ සිට අක්කර දෙකහමාර දක්වා වී වගා කළ ගොවීන්ට මෙම ඉන්ධන සහනය හිමිවේ. හෙක්ටෙයාර් එකක් සඳහා ඩීසල් ලීටර් 15ක් ලබා දීමට නියමිතයි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya