ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ, (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාර්තු මස 04 වන දිනට යෙදෙන “ලෝක ස්ථුලතා දිනය ” පිළිබඳව වූ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
ඒ අනුව, ලෝක ජනගහනයෙන් 39% වන බව හෙතෙම පැවසු අතර ලංකාවේ ද මෙම තත්ත්වය අහිතකර ලෙස දක්නට ලැබෙන අතර 2015 දී කරන ලද බෝ නොවන රෝග පිළිබඳව අවදානම් සාධක හඳුනාගැනීමේ සමීක්ෂණයට අනුව මෙරට පිරිමින්ගෙන් 22% ක් සහ කාන්තාවන් 34%ක් බර වැඩි පුද්ගලයින් වූ අතර 2021 දී නැවත එම සමීක්ෂණයෙන් අනතුරුව පිරිමින් 31% ක් සහ කාන්තාවන් 47.7% බර වැඩි පුද්ගලයින් බවට පත්ව තිබෙන බව පැවසුවාය.
එමෙන්ම, දරුවන් අතර ද මෙම ස්ථුලතාවය බෙහෙවින් දක්නට ලැබෙන අතර එය ඔවුන්ගේ පැවත්මට ඉතා හානිකර තත්ත්වයක් බවත්, එම නිසා මේ පිළිබඳව දැනුවත්වීම ඉතාමත්ම වැදගත් වීම අත්‍යවශ්‍ය වන බවත්, මෙම තත්ත්වය බෝනොවන රෝග එනම්, අධික රුධිර පීඩනය, දියවැඩියාව, ආඝාතය වැනි රෝගතත්ත්ව ඇතිවීමට ප්‍රධාන හේතුකාරකයක් වන බවත් ඒ මහත්මිය මෙහි දී අවධාරණය කළාය.
ඒ අනුව, ඒ මහත්මිය ප්‍රකාශ කළේ තම තමන්ගේ ජිවන රටාව ක්‍රමවත් කරගැනීම, ඖෂධ භාවිතය වැනි ක්‍රම අනුගමනය කර ගැනීම මඟින් මෙම ස්ථුලතාවය පාලනය කර ගත හැකි බවත්, ශරීර ස්කන්ධ දර්ශකය (BMI අගය) 18.5 ත් - 25 ත් අතර පවත්වා ගැනීමට කටයුතු කර ගැනීමත් මඟින් ස්ථුලතාවය/තරබාරුව අවම කරගැනීමට හැකිවන බවත් ය.
මෙම මාධ්‍ය සාකච්ඡාවට දකුණු කොළඹ මහරෝහලේ අන්තරාසර්ග රෝග විශේෂඥවරුන්ගේ විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය නිරංජලා මීගොඩ විතාන, රිජ්වේ ළමා රෝහලේ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමයේ මහාචාර්ය ළමා රෝග විශේෂඥ වෛද්‍ය පුජිත වික්‍රමසිංහ, හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් යන වෛද්‍යවරු සහභාගී වූහ.