ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    නිත්‍ය තැන්පතු පොලී අනුපාතය හා නිත්‍ය ණය පොලී අනුපාතය වැඩිකිරීමට තීරණයක්

    මාර්තු 03, 2023

    2023 මාර්තු 03 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පිළිවෙලින් සියයට 15.50 සහ සියයට 16.50ක් වන වන පරිදි නිත්‍ය තැන්පතු පොලී අනුපාතය හා නිත්‍ය ණය පොලී අනුපාතය වැඩිකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇති බව මහ බැංකුව දන්වයි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මාසික මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ මාධ්‍ය හමුවේදී ණය පොලී අනුපාත සම්බන්ධ මහ බැංකුවේ තීරණය දැනුම් දෙමින් එහි අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව දැනුම් දුන්නේය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ, ප්‍රතිපත්ති පොලී අනුපාතය වැඩිවුවද වෙළඳපොල පොලී අනුපාතය හා ප්‍රතිපත්ති පොලී අනුපාතය අතර පරතරය අඩුවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්, ද්‍රවශීලතාවය තවදුරටත් ස්ථාවර මට්ටමකට පත්වනු ඇති බවත්ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya