ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    මිනිස් වෙළදාමට එරෙහිව නීති දැඩි කරමින් විදේශසේවා නියුක්ති කාර්යාංශ පනතට නව සංශෝධන යෝජනා

    මාර්තු 04, 2023

    විදේශ රැකියා මුවාවෙන් සිදු කරනු ලබන මිනිස් වෙළදාම මැඩපැවැත්වීමට හා විගමණික ශ්‍රමිකයින්ගේ සුරක්ෂිතභාවය තවදුරටත් තහවුරු කීරීමේ අරමුණ ඇතිව විදේශසේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කරමින් නීති රීති දැඩි කිරීමට කාර්යාංශය මේවනවිට පියවර ගෙන ඇත.

    මේ සඳහා තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ (NAHTTF)නීරීක්ෂණ ලබා ගැනීම සඳහා වු විශේෂ රැස්වීමක් කම්කරු හා විදේශ රැකියා ආමාත්‍යය මනුෂ නානායක්කාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (01 දින ) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී පැවැත්විනි.

    මෙහිදී මිනිස් වෙළදාම වැලැක්වීමේ උපක්‍රමයක් ලෙස රැකියා සඳහා විදේශගත වන පුද්ගලයින්ගේ ජෛවමිතික තොරතුරු ( Biometric) ඩිජිටල් කරන ක්‍රීයාවලියක් තුලින් දත්ත පද්ධතියක් තුළට ඇතුලත් කීරීමට තීරණය කරන ලදි .

    1981 අංක 21 දරන විදේශසේවා නියුක්ති කාර්යාංශ පනත 1994 අංක 4 සහ 2009 අංක 56 දරන සංශෝධනය වලින් සමන්විත වන අතර අවස්ථානෝචිතව යාවත්කාලීන කිරීමට පියවර ගැනීම කාර්යාංශය විසින් කාලීනව සිදුකරනු ලබයි.

    ඒ අනුව සකස් කරන ලද නව සංශෝධනයන් මගින් තැනැත්තන් වේලදාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ (NAHTTF) නීරීක්ෂණ යන්ද සහිතව අදාළ නීති රීති දැඩි කිරීමටත්, ඒ අනුව නව සංශෝධනයන් සිදුකිරීමටත් යෝජනා සකස් කර ඇත.

    කම්කරු අමාත්‍යංශයේ ලේකම් ආර්.පී.ඒ විමලවීර, අමාත්‍ය උපදේශිකා පද්මණී රත්නායක, අමාත්‍ය පුද්ගලික ලේකම් ශාන් යහම්පත් , විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩ බලන  සභාපති සමින්ද ජයසේකර, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩි. ඩී. පී. සේනානායක ඇතුළු මහත්ම මහත්මීන් රැසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya