ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    ධීවර අමාත්‍යාංශයට රටේ පෝෂණය පිළිබඳ වගකීමෙන් මිදෙන්න බෑ- ධීවර රාජ්‍ය අමාත්‍ය

    මාර්තු 04, 2023

    ආර්ථික අර්බුදය හමුවේ රටේ පෝෂණ අවශ්‍යතාවය සැපිරීමේ අභියෝගය ජයගැන්ම වෙනුවෙන් මහජනතාවට ලංකා ධීවර සංස්ථාව මගින් සහන මිලට මාළු ලබා දීමේ උත්සහයක නිරතවන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසයි.

    පාරිභෝගිකයා වෙත ඉහළ සේවාවක් ලබාදීමේ අරමුණින්, ලංකා ධීවර සංස්ථාව දිවයින පුරා ස්ථාපිත කරමින් සිටින මෙගා ස්ටෝස් (Mega Store) නවීන වෙළඳසැල් ජාලයේ නවතම ශාඛාව මාර්තු මස 2 වන දින බොරලැස්ගමුවේ දී විවෘත කරමින් ධීවර රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    "නවීන වෙළඳසැල් ජාලයක් නිර්මාණය කරමින්, පවතින වෙළඳසැල් ජාලය නවීකරණය කිරීමෙන් ලංකා ධීවර සංස්ථාව ලාභ ලබන ශක්තිමත් ආයතනයක් බවට පත්කිරීම තමයි අපේ අරමුණ. මාළු අළවි කරනවා වගේම, මත්ස්‍ය මිල පාලනය කලහැකි, ධීවරයන්ට වගකියන ආයතනයක් බවට ධීවර සංස්ථාව පත්වෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මම පසුබට වෙන්නේ නෑ" රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ රටේ පෝෂණය පිළිබඳ වගකීමෙන් ධීවර අමාත්‍යාංශයට ද මිදිය නොහැකි බවයි.

    ලංකා ධීවර සංස්ථාව විසින් ස්ථාපිත කරන ලද මෙම නවීන වෙළඳසැල හරහා, පරිභෝජනයට සුදුසු ගුණාත්මක පෝෂදායි මත්ස්‍ය වර්ගවලට අමතරව කරවල, උම්බලකඩ ඇතුළු තවත් මත්ස්‍ය නිශ්පාදන ද මිලදී ගැනීමට ලංකා ධීවර සංස්ථාව පාරිභෝගිකයනට අවකාශ උදාකර දී තිබේ. ඒ අනුව මේ වන විටත් රට පුරා බොහෝ නගරවල ස්ථාපිත කර ඇති "මෙගා ස්ටෝස්" අලෙවිසැල් ජාලය ඉදිරියේදී තවදුරටත් පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව ලංකා ධීවර සංස්ථාව කියා සිටී.

    මෙම අවස්ථාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, ලංකා ධීවර සංස්ථාවේ සභාපති චතුරංග උඩවත්ත මහතා, බොරලැස්ගමුව නගර සභාවේ නගරාධිපති අරුණ ප්‍රියශාන්ත මහතා, බොරලැස්ගමුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති සුමේද විමලරත්න මහතා ඇතුළු නිලධාරීන් එක්ව සිටීයහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya