ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    ජාත්‍යන්තරව පිළිගත් සහතික පිරිනමනු ලබන සායනික පුහුණු කිරීමේ ආයතනයක් ආරම්භ කිරීමට පියවර

    මාර්තු 05, 2023

    මෙරට තරුණ තරුණියන්ට යුරෝපය ඇතුළු ලොව පුරා රටවල්වල ඇති Caregiving අංශයේ රැකියා අවස්ථාවලට පහසුවෙන් ප්‍රවිෂ්ඨවීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් සහතික පිරිනමනු ලබන සායනික පුහුණු කිරීමේ ආයතනයක් ආරම්භ කිරීම සම්බන්ධව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ අවධානය යොමු ව තිබේ.


    ඒ අනුව, ජාත්‍යන්තරව පිළිගත් සහතික පිරිනමනු ලබන සායනික පුහුණු කිරීමේ ආයතනයක් ආරම්භ කිරීමට පෞද්ගලික අංශය නියෝජනය කරන ව්‍යවසායකයන් පිරිසක් මාර්තු (02) පෙරවරුවේ නාරාහේන්පිට - මෙහෙවර පියෙස ගොඩනැගිල්ලෙහි පිහිටි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේදී කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හමුවිය.

    මෙහිදී අමාත්‍යවරයා විසින් ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබාදීමට එකඟ වූ අතර ඊට අවශ්‍ය උපදෙස් ද ලබාදෙන ලදි. ඒ අනුව ඉදිරියේදී මෙම පිරිස සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළැඹීමට ද සාකච්ඡා විය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය ද එක්ව සිටියාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya