දෙසතියක් ඇතුළත අදාළ කමිටුවේ වාර්තාවක් ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා අදාළ නිලධාරින්ගෙන් ඉල්ලා තිබේ.
සංචාරක කලාප තුල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් පිළිබඳවත් ,විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී සංචාරක අවන්හල් විවෘත කර තබන වේලාවන් දීර්ඝ කිරීම පිළිබඳවත් ,සංචාරක කර්මාන්තය සදහා වූ නව නීති සම්පාදනය කිරීම පිළිබඳවත් ,සංචාරකයන් මුහුණ දෙන යම් යම් අර්බුද කාරී අවස්ථාවන් වලදී ක්ෂනිකව ක්‍රියාත්මක වන පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත ව්ශේෂ බලකායක් පිහිටුවීම ඇතුළු තීන්දු රැසක් මෙහිදි එළඹ තිබිණි.
එසේම මෙම සාකච්ඡාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හා එම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ,පොලිස්පතිවරයා හා පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් , සංචාරක අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිළධාරීන් ද එක් ව සිටියහ.