මැතිවරණ කොමිසම, මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා කැඳවා, ඊයේ දින සාකච්ඡාවක් කිරීමට නියමිත බවත් ඊළඟ ක්‍රියාමාර්ග තීරණය කළ හැක්කේ ඉන් අනතුරුව බවත් හෙතෙම සඳහන් කළේය.
මේ මස 19 වන දා පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වීමෙන් පසු ගන්නා ක්‍රියාමාර්ග ගැන මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විමසූ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
‘‘අපේ මාතර දිස්ත්‍රික්ක මන්ත්‍රීවරයා අහන ප්‍රශ්නයම විපක්ෂ නායකවරයත් 27/2 යටතේ අසා තිබෙනවා. ඉතිං විපක්ෂ නායකවරයත් අහන්නේ ඔය ප්‍රශ්නනයම තමයි අන්තිමට. ඒ ගැන, නිතීය අනුව කටයුතු කිරීම පමණයි කරන්න පුළුවන්. මැතිවරණ කොමිසම, මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා කැඳවලා ඊයේ සාකච්ඡා කීරීම අනුව තමයි ඊළඟ කාරණාවලට බහින්න පුලුවන් වන්නේ."