ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    රටට ආදායම් ලබා දෙන දෙපාර්තමේන්තුවල සිදුවන අක්‍රමිකතා වළක්වා ගැනීමට විද්‍යුත් ක්‍රම හඳුන්වා දිය යුතුයි

    මාර්තු 07, 2023

    රටට ආදායම් ලබා දෙන දෙපාර්තමේන්තු වල සිදුවන අක්‍රමිකතා වළක්වා ගැනීමට නම් විද්‍යුත් ක්‍රමය එම දෙපාර්තමේන්තු වලට හඳුන්වා දිය යුතු බව ජනමාධ්‍ය, ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

    මෝ‍ටර් වාහන පනත ය‍‍ටතේ නියෝග තුනක්වි විවාදයට ගනිමින් , විවාදය ආරම්භ කළ ප්‍රවාහන අමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේය.

    රටට ආදායම් ලබා දෙන දෙපාර්තමේන්තු අතරින් ප්‍රධාන දෙපාර්තමේන්තුවක් වන ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දූෂණ අක්‍රමිකතා විශාල සංඛ්‍යාවක් සිදු වන බවත්, එම අක්‍රමිකතා වළක්වා ගත හැක්කේ විද්‍යුත් ක්‍රමයට ලියාපදිංචිය සහ අනෙකුත් කටයුතු සිදු කිරීමෙන් බවද හෙතෙම සඳහන් කළේය.

    ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ රටේ නිෂ්පාදනය කළ විදුලියෙන් ක්‍රියා කරන ත්‍රී රෝද රථ ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ වී ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රිචඩ් පීරිස් ඇතුළු තවත් දේශීය සමාගම් රැසක් මේ වන විටත් විදුලියෙන් ක්‍රියාකරන වාහන නිෂ්පාදනය ආරම්භ කර තිබේ.

    ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඕනෑම පුද්ගලයෙකු මෙලෙස නිෂ්පාදනය කරන විදුලි වාහන ලියාපදිංචි කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය. එවැනි නිෂ්පාදන සිදු කරන තරුණයින්ට ජාතියේ ප්‍රණාමය හිමි වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.එවැනි තරුණ ව්‍යවසායකයින් සමග එක් වී විදුලි මොටර් රථ, විදුලි ත්‍රී රෝද රථ නිෂ්පාදනය කර පරිසරය ආරක්ෂා කර ගැනීමට හැකි වනු ඇතයිද හෙතෙම සඳහන් කළේය.

    පොදු ප්‍රවාහන වැඩි දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය මග පෙන්වීම ලබා දෙන ලෙසත් නව සිස්ටම් චේන්ජ් එකකට යාමට රජය සෑම විටම සූදානම් බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    වර්තමානයේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන්ද අදහස් දැක් වු අමාත්‍යවරයා පැවසුවේ, ඇති වී තිබෙන දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ බැංකු පොළී අනුපාතය ඉහළ ගොස් ඇති බවයි.

    ලෝක මූල්‍ය ක්‍රමය රජයට හසුරවන්න බැහැ. අන්තර්ජාතික වශයෙන් අපි ගෙවීම් පියවන්න ඕන. ලෝකයේ සියළුම සංවර්ධිත රටවල ණය පොළී අනුපාතය තනි ඉලක්කමේ සංඛ්‍යාවක් නමුත් පොළී අනුපාතය තීරණය කිරීමේ බලය තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවටයි. දේශපාලක්ඥයින්ට පොළිය හදන්න බැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට ණය පොළී අනුපාතය තවත් 2 1/2%ක් වැඩි කරන්න කිව්වත් අපි ඊට එකග වුණේ නැහැ. මෙය පාර්ලිමේන්තුවට පාලනය කළ හැකි දෙයක් නොවේ.

    අද වන විට විදේශ රටවලින් ගත්ත ණය තවදුරටත් ගෙවන්න බැරි වුණා. මේ නිසා ප්‍රවාහන අමාත්‍යංශය යටතේ තිබෙන ව්‍යාපෘති රැසක් නතර වී තිබෙනවා. අපි කැමති නැති වුවත් ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමය මෙයයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේදී , ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කරන්න කිවූ යෝජනා දුෂ්කරයි. නමුත් අකමැත්තෙන් වුවද ඒවා ඉටු කිරීමට සිදු වෙනවා . මේකට දේශපාලන අර්ථ කථන දෙන්න එපා. මුදල් අච්චු ගහන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව.

    ශ්‍රී ලංකා මහ බැංකුව වඩාත් ස්වාධීන ආයතනයක් බවට පත්කිරීමේ අරමුණෙන් නව මුදල් පනතක් ගෙනා බවත් මෙමගින්, මහ බැංකුව තවත් ස්වාධීන වනබවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙමගින් කිසිදු දේශපාලඥයකුට මේ සඳහා මැදිහත් වීමට නොහැකි වෙනවා. මේ වන විට එම පනත පාර්ලිමේන්තුවට පිළිගන්වා තිබෙනවා. මේ සම්බන්ධයෙන් යම් ගැටලු තිබේ නම් අධිකරණයට යා හැකියි ''යැයි අමාත්‍යවරයා පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya