ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    මැතිවරණ දිනය කියයි

    මාර්තු 07, 2023

    මාර්තු 09දා පැවැත්වීමට තිබූ පළාත් පාලන ආයතන සඳහා වන මැතිවරණය එදිනට නොපැවැත්වෙන බවත්, එම මැතිවරණය අප්‍රේල් 25 දිනට පැවැත්වීම සුදුසු බවත් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව දන්වයි.

    මැතිවරණය පැවැත්වීමේ දිනය තීරණය කිරීම සඳහා අද (මාර්තු 07) පැවැති රැස්වීමෙන් අනතුරුව එම තීරණය ගත් බව එම කොමිෂන් සභාව විසින් මාධ්‍ය නිවේදනයක් මගින් දන්වා ඇත.

    මෙම නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා ඇත්තේ, ඡන්ද පත්‍රිකා හා අනෙකුත් මුද්‍රණ කටයුතු මෙන්ම සෙසු පහසුකම් සම්බන්ධයෙන් ඇතිවූ නොවැළැක්විය හැකි තත්වය මත ඡන්ද දිනය වෙනස්වීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් දැනුම්වත් කළ බවත්, මීළඟ සුදුසු දිනය අප්‍රේල් 25 යැයි එම නිලධාරීන්ට දැනුම් දුන් බවත්ය.

    ඒ අනුව ඉදිරියේදී දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් එක් එක් දිස්ත්‍රික්කය තුළ මැතිවරණ දිනය අප්‍රේල් 25 බව දැනුම් දෙනු ඇති බවද එම නිවේදනයේ තවදුරටත් සඳහන්ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya