ජූනි 14, 2025
tami eng youtube  twitter facebook

    ආකල්පමය වෙනසක් ඇති කිරීමට රියදුරන්ට අවශ්‍ය පුහුණුව ලබා දිය යුතුයි- ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති

    මාර්තු 07, 2023

    රියදුරන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීමට සහ නෛතික තත්වය පිළිබඳ නේවාසිකව පුහුණුව ලබාදිය යුතු බව ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ (07) සඳහන් කළේ ය.

    එසේ නොමැතිව කොයි තරම් නීති සම්පාදනය කළද අනතුරු වලක්වා ගැනීම සඳහා එසේ රියදුරන්ට අවශ්‍ය පුහුණුව ලබා දිය යුතු බවත් එසේ නොමැතිව නීති සම්පාදනය කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව හෙතෙම පෙන්වා දුන්නේය.

    මෝ‍ටර් වාහන පනත ය‍‍ටතේ නියෝග තුනක් පිළිබඳ විවාදයට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.


    රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.


    ''ප්‍රවාහ පද්ධතියේ පුළුවල් වෙනසක් කරමින් අදට ගැළපෙන ආකරයට ගෙන එමින් තිබෙනවා. අපේ රටේ සිදුවන මාර්ග අනතුරු සම්බන්ධව අපි කතා කළා. අපි ඕනෑම කේෂ්ත්‍රයට බඳවා ගනිද්දි යම් පුහුණුවක් ලබා දෙනවා. අපේ රටේ රියදුර බලපත්‍ර සද්භාවයෙන් ලබා දෙන ආයතන තිබෙනවා. ඒ වගේම මිල මුදල් එක්ක ලබාදෙන ආයතනත් තිබෙනවා.බර වාහන හෝ සැහැල් බලත්‍රයක් ලබා ගන්න කෙනෙකුට අපිට පුළුවන් නම් ජීවිත හානි, ආබාධ, ඒ පවුල් අසරණ වන තත්ත්වය, ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන ආකාරය ගැන දැනුවත් කරන්න. මොකද මෙය ජාතික ආර්ථිකයට ලොකු හානියක්.නිතර හැල්පෙන්නේ රියදුරන් දෙදෙනෙක්. රියදුරන් දැනුවත් කිරීම ඒ වගේම වෙනම පුහුණුවක් ලබාදිය යුතුයි.''

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya