වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෙළෙඳ අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා පැවසුවේ,බිත්තර පමණක් නොවෙයි, අනෙක් භාණ්ඩ වල හිගයක් ඇති වුවත්, නිෂ්පාදනයේ යම් කඩා වැටිමක් ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් මැදිහත් වීම වෙළෙඳ අමාත්‍යංශයේ වගකීමක් බවයි.
පසුගිය මාසය පුරා බිත්තර සහ බිත්තර මිල සම්බන්ධ ගැටළුවක් තිබුණා. ආනයනය කර හෝ එම භාණ්ඩ ලබා දීම,රටේ ජනතාවට දරා ගත හැකි මිලට ඒ භාණ්ඩ ලබා දීම හෝ ඒ සඳහා මැදිහත් වීම පාරිභෝගික අමාත්‍යංශයේ වගකීමක්.පාලන මිලක් දමා රටේ නිෂ්පාදකයන්ට සාධාරණයක් ඉටු කරන්න මම කටයුතු කළා.නමුත් ඔවුන් ප්‍රකාශ කරන්නේ බිත්තර නිෂ්පාදනයෙන් 40% ක් අඩු වී ඇති බවයි.ඉදිරියේ එන උත්සව සමයේබිත්තර සඳහා විශාල ඉල්ලුමක් තිබෙනවා.එම නිසයි බිත්තර ආනයනය කිරීම සඳහා යෝජනාව කැබිනට් මණ්ඩලයට ගෙනාවේ.ආනයනය කළ බිත්තර හමුදාවට කන්න දී කුරුළු උණ ඇත් දැයි පරීක්ෂා කර බැලූවා යැයි කියන කතාව සම්පූර්ණ අසත්‍යයක් බවද හෙතෙම සඳහන් කළේය.