අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු යොමුකළ නීති විද්‍යාලයේ කටයුතු ඉංග්‍රීසියෙන් පමණක් සිදුකිරීමට ගෙනඇති තීරණය සම්බන්ධයෙන් යොමුකළ පැනයට අදහස් දක්වමිනි.
අන්තර් කාලය තුළදී දමිළ සහ සිංහල මාධ්‍යවලින් ප්‍රශ්නපත්‍ර වලට පිළිතුරු ලිවීමේ අවස්ථාව ලබාදෙන බව පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළ බව පැවසූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, විභාගය කවර විභාගයක් වුවද මවු භාෂාවෙන් එයට පිළිතුරු ලබාදීමේ අයිතිය මූලික මිනිස් අයිතියක් බවද අවධාරණය කළේය.
ඕනෑම රටක ප්‍රාථමික අධ්‍යාපනය මවු භාෂාවෙන් ලබාදිය යුතු බවට යුනෙස්කෝ සංවිධානය පවා ජාත්‍යන්තරව පිළිගන්නා බවද, උපාධිය, පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි හෝ ඊට ඉහල උපාධි වුවද යමෙකුට මවු භාෂාවෙන් පිළිතුරු ලිවීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉඩ ලබාදීම මූලික මිනිස් අයිතියක් ලෙස තමා විශ්වාස කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
ඒ පිළිබඳව නීති විද්‍යාලයේ පාලක සභාව විසින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ නිරත වන උගත් විනිසුරුතුමන්ලා මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර මූලික මවු භාෂාව සිංහල සහ දමිළ වන දරුවන්ට අසාධාරණයක් නොවන පරිදි කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවද සඳහන් කළේය.