රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (මාර්තු 08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදීමට නියමිත විස්තීරණ ණය පහසුකම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
මෙම ණය පහසුකම ලබාගැනීම වෙනුවෙන් මෙරට ජනතාවට විශාල කැපකිරීමක් කිරීමට සිදුවූ බවත්, විශාල බදු ප්‍රමාණයක් ගෙවීමට මෙන්ම මිල ගැලපුම් කිරීමේදී ඉන්ධන, ගෑස් හා විදුලිය වැනිදේ වෙනුවෙන් විශාල වැයක් දරන්නට මෙරට ජනතාවට සිදුවූ බවත්, එම කැපකිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම විස්තීරණ ණය ලබාගැනීමේ ගිවිසුම සම්බන්ධයෙන් පහසුකම් සැපයීමට එකඟතාවය ඇතිවූ බවත්, අමාත්‍යවරයා පැවසීය.
මෙම තත්වය ඇතිනොවුනේ නම් මෙරටට ඉන්ධන ගෙනඒමට, ඖෂධ ගෙනඒමට හා අනෙකුත් අත්‍යාවශ්‍ය දේ ගෙනඒමට ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකිවීම මත ඉන්ධන, ගෑස්, ඖෂ්‍ය හා අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ නොමැති රටක් බවට මේ රට පත්වන්නට තිබුණු බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මේ වන විට ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්ව ඇති බවත්, පසුගිය කාලයේදී ඇතැම් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් මෙරටට ඩොලර් නොඑවන ලෙස විදේශ සේවා නියුක්තිකයන්ට දැනුම් දුන් බවත්, දේශපාලන පක්ෂවලට අවශ්‍ය වන පරිදි වෙළඳපොල බලවේග පාලනය කළ නොහැකි බවත්, අද රුපියල ශක්තිමත් වීම මගින් ඒ බව පෙන්නුම් කරන බවත්, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.
රුපියල ශක්තිමත්වීම සමඟ ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුවීමට එය හේතුවනු ඇති බවත්, උන්ඩියල් ක්‍රමය උපයෝගී කරගෙන විදේශ විනිමය කටයුතු කළ පිරිස මේ වන විට නීත්‍යානුකූල තත්වය යටතේ විදේශ මුදල් එවීමට ක්‍රියාකිරීමට පටන්ගෙන ඇති බවත්, එය ඉදිරියේදී තව තවත් රුපියල ශක්තිමත් වීමට හේතුවනු ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය.
මේ වන විට මෙරට ජංගම ගිණුමේ ගෙවුම් ශේෂය අඩුවීමට මෙම ශක්තිමත්වීම බලපෑ ඇති බවත්, පමණට වඩා වැඩියෙන් රුපියල ශක්තිමත් වීම වැළැක්වීමට ද මේ වන විට මහ බැංකුව ඩොලර් ප්‍රමාණයක් සංචිත සඳහා මිලදී ගත් බවත්, විනිමය අනුපාතය තීරණය කරන්නේ වෙළඳපොල බලවේග මගින් බවත්, අමාත්‍යවරයා පැවසීය.