ලංකාව පුරාම සිටින කාන්තාවන් ව්‍යවසායකයින් ලෙස ගොඩ ගැනීමට සහ ඔවුන්ට අභිමානයෙන නැගී සිටීමට අත හිත දෙන බවත් ධෛර්ය සම්පන්නව දෙපයින් නැගිටිමින් කටයුතු කිරීමට අත හිත දෙන බවද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරිය මෙසේද සඳහන් කළාය.
අද මාර්තු 08 කාන්තාව වෙන් වූ දිනය කියමින් කාන්තාව වෙනුවෙන් නොයෙක් වැඩපිළිවෙළවල් ගෙනියනවා. මේ රටේ සමස්ථ කාන්තාව දිහා බලද්දී දෙවැනි පුරවැසියෙකු විදියට බලද්දි, පාර්ලිමේන්තුවේදීත් ඒ තත්වය ලබා දෙන්න කටයුතු කර තිබෙනවා. මාර්තු 08 යනුවෙන් කාන්තාවට එක් දිනයක් වෙන් කරමින් කාන්තාව අපහසුතාවයට පත් කරනවා. ඔවුන්ට අයිති එක දිනයයි. අනිත් 364 අපි ගන්නවා කියනවා.
මේ රටේ ගර්භනී කාන්තාව රැක ගැනීමේ වගකීමක් අපට තිබෙනවා. රටේ ආර්ථිකය වැටෙන සෑම අවස්ථාවකදීම , ගෙදර සිටින කාන්තාව විශාල දුකක් විඳිනවා. ගෙදර සිටින අම්මා බලන් ඉන්නේ අපට ලැබෙන්න තිබෙන ආධාර ලැබෙනකල්. බෝඩ් අල්ලගෙන අරගල කළොත් ලැබෙන්න තිබෙන දේවත් අපට ලැබෙන්නේ නැහැ. මාධ්‍ය හරහා රටට ලැබෙන්නේ වැරදි ප්‍රතිරූපයක්. එවිට රටේ ආර්ථිකය අපට ගොඩ නගා ගන්න බැරි වෙනවා.
රු 4500 වවුචරයක් ගැබිණි මව්වරුන්ට අපි ලබා දෙනවා. ඒ නිරෝගිමත් දරුවෙක් බිහි කරගන්න. අපි අද කාන්තා දිනය සැමරුවේ දැයේ අභිමානය ඇයයි කියලා. නමුත් ඔවුන්ට අභිමානය කියන එක විහිළුවක්. අද ඇතැම් අයට තමන්ගේ අම්මා විතරයි අම්මා. තමන්ගේ දුව විතරයි දුව. මොන තරුම් අපහාසද කාන්තාව අහන්නේ කියල.
කාන්තාව පිළිබඳව ආකල්පමය වෙනස් කර ගත යුතු බවත් , ඇය පිළිබඳ ගෞරවය රැකීම මුළු මහත් සමාජයේම වගකීමක් බව ද රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය. පසුගිය වසරේ පමණක් ඝාතනය වූ කාන්තාවන් ගණන 78ක් බවද ඇය සඳහන් කළාය.